Some of the Poetic Icons in Sri Lanka

Poet Image
නම : සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර් ති ද අල්විස්
උපත : 1947 ජූනි 03 දින කොළඹදී
විපත : 1989 ජූලි 31 හෝමාගමදී
අධ්‍යාපනය : මාලිගාකන්ද මහා විද්‍යලය, කොළඹ ආනන්ද විද්‍යාලය
රැකියාව : මුල්ම රැකියාව වන්නේ 'විසිතුර' පුවත්පතේ විශේෂාන්ග රචකයෙක් ලෙස කටයුතු කිරීම.
1967 දෙසැම්බර් 17 සිට සහන නිවේදකයෙක් ලෙස රේඩියෝ සිලෝන් හී සේවය කලේය. 1974දි ප්‍රේමකීර්ති දෙවෙනි ශ්‍රේණියේ නිවේදකයෙක් සහ නිෂ්පාදකයෙක් විධියට උසස්වීමක් ලබාගනී.
දායකවූ වැඩසටහන් : ශනිදා සාදය' (හැම සෙනසුරාදාවකම උදේ 8 - දවල් 12 - තවත් නිවේදකයන් සමග), 'සොඳුරු සෙවණ' (සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5 - 6), "සැරිසර පුවත්" (සතියකට වතාවක්) ශනිදා ආයුබෝවන් අඳුන ටයිටස් තොටවතයන්ගේ සිංහල කාටූන
කුළුඳුල් ගී පද රචනාව : 1969දි, රූපා ඉන්දුමතී සහ මල්කාන්ති නන්දසිරි ගායනා කරපු 'හද පුද අසුනේ සෙනෙහස මැවුණා' ගීතය.
පළමු චිත්‍රපටි ගීතය : 1969 දී, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරපු 'ලොකුම හිනාව' චිත්‍රපටියට 'කැකුලු මලක පෙති'

ප්‍රේම්ගේ ගුරු ලෙස හඳුන්වනු ලබන්නේ කරුණාරත්න අබේසේකර ශූරීන්. ප්‍රේම්ගේ මුල් ආශාව පැවතුනේ ගායකයෙක් වීමට බව සඳහන්. නමුත් කෙසේහෝ කරුණාරත්න අබේසේකරයන් ප්‍රේම්ව වැඩසටහන් සඳහා සම්බන්ද කරගැනීම සන්දිස්ථානයක්.
ප්‍රේම් සහ වික්ටර් සුසංයෝගය බොහොම සාර්ථක නිර් මාණ රැසක් එලිදක්වනවා. ඔවුන් දෙදෙනගේ මිත්‍රත්වය නිසාවෙන්ම විවිධාකාර අත්දැකීම් ඔස්සේ ගීත නිර්මාණය වෙනවා. ඒ වගේම වික්ටර රත්නායකයන්ගෙ 'ස' ඒක පුද්ගල ප්‍රසංගයට ප්‍රේම් විශාල මෙහෙයක් ඉටුකරනව.

වික්ටර් රත්නායකයන් වෙනුවෙන් ප්‍රේම් ලියූ ගීත අතුරින් දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ, තනි තරුවේ, මියුරු කල්පනා, තරු අත් අකුරින්, මල්සර උක්දඬු, ප්‍රේම පාරාදීසේ, ඔබෙ දෙතොල් පෙති, අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්, සඳකැන් වැසිලා, ආදරයේ උල්පත වූ අම්මා, කුරුල්ලන්ට ගී ගයන්න....ආදී වශයෙන් රාශියක් පවතී.

කේ.ඩී.කේ. ධර්මවර්ධන සහ කුලරත්න ආරියවංශ සමග එකතුවී 'ස' ප්‍රසංගයේ නිවේදන කටයුතු වලට දායක වෙන අතරම ගීතවල අරුත් හඳුන්වා‍දීමත් සිදුකරන ප්‍රේම්ගේ දක්ෂතා ගැන අමුතුවෙන් කිවයුතු නෑ.

වික්ටර් රත්නායකයන්ට අමතරව ප්‍රියා සූරියසේන, මිල්ටන් මල්ලවආරච්චි, මර්වින් පෙරේරා, නිරංජලා සරෝජනී, අබේවර්ධන බාලසූරිය, ෆ්‍රෙඩී සිල්වා, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි යනාදී බොහොමයකට ප්‍රේම් ගීත රචනා කොට තිබෙනවා.
ඔහුගේ පද රචනා වල තිබෙන සුවිශේෂත්වයක් තමයි ආදරය, විරහව පරිසරය, හාස්‍යය, උපහාසය, සමාජීය ගැටලු ඇතුලු හැම දෙයක් ගැනම ගීත රචනා කර තිබීම.
ප්‍රේම්ගේ ගීත අතුරින් එකක් මතක් වෙනවා ...
එය තමයි නිරංජලා සරෝජනී මහත්මිය ගයන 'ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ' ගීතය. එය ප්‍රේම්ගේ අතින් ලියැවුනු ඉතාම ලස්සන ගීතයක්.... එහි එන ' වැලි ලෑවිලා සේ' කියන කොටසට හැම රසිකයෙක්ම පුදුම කරවන තැනක්.
ඔබ දැක ගැනිමේ අරමුණ දිවා රැයේ දෑසේ කැවි කැවී වැලි ලෑ විලාසේ

තවත් අපූරු ගීතයන් තමයි 'ලොව නිසසල වී නවතින මොහොතේ යටි සිත් මතුකොට සිනහ සලා.. ලොව දොඩමළු වී නෙත් මානන කල අප දෙදෙනා ඉමු තරහ වෙලා.'.

නිරංජලා සරෝජනී ට වගේම අබේරත්න බාලසූරිය ටත් ප්‍රේම් ලස්සන ගී ලියාදී තිබෙනවා.
'රැලකින් තනිවී' කියන ගීතයත් එවනි ලස්සන නිරිමාණයක් ... එකේ ලස්සන යෙදුමක් තියෙනවා නේද ...ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ...කියලා...බලන්නකෝ මේ යෙදුම්...සාමාන්‍යයෙන් අපට නොසිතෙන ඉසව්වකට අපව ආදරයෙන් කැන්දාගෙන යන අයුරු.
රැලකින් තනි වී වනමැද සරනා කැකුලු තුරුණු යාමේ ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි මට ඔබගේ ප්‍රේමේ . .

කුඩා සිද්දියක් වුවත් හරි අපූරුවට පද වලට පෙරලන්නට ප්‍රේම්ට තිබුනේ පුදුම හැකියාවක්... ' කන්ද කෙන්ද' ගීතයේ සිදුවීම, වික්ටර් රත්නායකයන්ගෙ 'තනි තරුවේ' ගීත ඇතුලු විශාල ගනනක් ලියැවෙන්නෙ කුඩා සිදුවීමකට අදාලව.

තව කරුණක් තමයි ප්‍රේම්ට තිබෙන ක්ෂ්ණයෙන් ගීත ලිවීමේ හැකියාව. ක්ෂණිකව ලියැවුනත් ඒ හැම එකක්ම ඉතා උසස් මට්ටමේ ගීත. ප්‍රේම් විසින් විවිධ ගායකයන්ට ලියූ මට මතක්වෙන ගීත කීපයක් සඳහන් කරන්නම්.

ජෝතිපාලයන්ට ලියූ ගීත අතුරින් කඳුලැල් සලා, අහසෙ ලියූවත්.. කඳුළැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ.. ඇයි මිහිරියේ තනි වී කිව මැන කල්පනා ලොවේ

ෂෙල්ටන් පෙරේරා වෙනුවෙන්... මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොආවේ ගිම්හානයේ ගිලන් වී තනිවීමි වේදනාවේ...

සුනිල් එදිරිසිංහ වෙනුවෙන්....මිනිසෙකු පිට නැගි අසරුවෙකි, රන් සමනළයෝ,....අහසින් පොලොවට කඩාවැටීලද... අහසින් පොලවට කඩා වැටීලද අම්ම තාත්තා නෑ දන්නෙ මවි පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද පුංචි පුතේ මගෙ පුංචි දුවේ...

එඩ්වඩ් ජයකොඩි වෙනුවෙන්...සමනළයා මල හා ළමයාසේ... සමනළයා මල හා ළමයා සේ බාල ළමා වයසේ පෙර තිදෙනා සිටියේ එක යායේ ජීවිතයේ අරුමේ මලට වසා පැණි බී රිසි සේමා සමනළයා පියැඹූ දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා දෑස වසා සිටියා සංගීතය - සරත් ද අල්විස්

මාලනී බුලත්සිංහල වෙනුවෙන්.. මා එක්කලා අමනාප, කන්ද කෙන්ද..... මා එක්කලා අමනාප ව වී දබර දූ ගේ තාත්තා එන්නේ නැහැ ගෙදර..... වැලි පොල්කටුයි හැඳි රෑනයි පෙරලා ලා මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා රෑ එළිවෙන තුරා ඉමු මිදුළට වී ලා.... හඳ මාමා නැඟෙන තරු ගනිමූ දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ හඳ මාමා අත ම ඒ පණිවුඩ යවමූ... හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිඳිමූ සංගීතය - ඔස්ටින් මුණසිංහ ශූරීන්

ටී එම් ජයරත්න වෙනුවෙන් ...දෙගොඩතලා ගඟ ගලා.. දෙගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ .

ප්‍රියා සූරියසේන වෙනුවෙන්... හෙට දවසේ, ආදරණීය නේරංජනා, මුලු මුහුදම හඬයි... ඈත රන් විමන්...

ශ්‍රීමතී තිලකරත්න වෙනුවෙන් .. ආත්ම ගණනක සිතුවිලි අතරේ මා ඔබ සෙව්වා නැහැ දුටුවේ අප දෙඅතක දෙදෙනෙකු වීලා නැහැ නොව කිසිදා මුසු වන්නේ.

චන්ද්‍රකුමාර කඳනාරච්චි වෙනුවෙන්... නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ.

ඩෙස්මන් ද සිල්වා වෙනුවෙන්... නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණ යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ.

විජය කුමාරතුංග වෙනුවෙන්... වලාකුලක් ගෙන මුවා කරමු හිරු ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ රත් වුණු වැලිකැට පුපුරණ මැද පෙරදිග මරු කතරේ.

ස්වර්ණලතා කවීශ්වර වෙනුවෙන්.... වහල සෙවිලිකල පොල් අතු ගසකිනි ගත්තේ අහරට බත වී කරලක සැඟවී ඇත්තේ පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ ගිමනට සිහිලැල් සෙවනද ගස යට ඇත්තේ .

මර්වින් පෙරේරා වෙනුවෙන් ලියනවා 'කතරක තනිවී'...පබසර රන් පබලු....ඔබ දේදුන්න ආකාසයේ...සඳ මිදුලට එනවා... සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි...

සිසිර ප්‍රනාන්දු ගයන දණගාද්දි ඇවිදින්නට.. දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න ගුරු හරු කම් හොඳ නොහොඳ ත් කියලා දුන්න මහළු ව බැරි වුනාම ඔබ හට ඇවිදින්න අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න.

මිල්ටන් මල්ලවආරච්චි ගයන....දිනෙක රන්සලු පලඳා...මා නිසා ඔබ, එදා රෑ.., අවසර නැත මට...

රෝහන බෝගොඩ ට.... කඳුළක් වැටේ නම් පිසලන්න ආයේ ඔබ හමුවන්නේ කවද ද ආයේ.. සිතේ රැඳෙන්නේ ඔබගේ ම රුවමයි හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා .

ප්‍රේම් අනිත් ගායකයන්ට ලියපු ආරයෙන් ඔබ්බට ගිහිල්ලා ෆ්‍රෙඩී සිල්වාට ලියන්නේ වෙනමම විදියට. සමාජයේ පුද්ගලයන්ගේ වැරදි මෙන්ම සමාජගතවූ පොදු වැරදි ක්‍රියා ඔහු දැඩිලෙස හෙලාදකිනවා... එය ඔහු උපහාසයට නගනවා....වචන සරලයි...තේරුම ගැඹුරුයි.
ඔව් අපි පාන්කිරිත්තා ගීතය ගමුකෝ. කුරුලු රැඟුමක් තමයි ගීතයේ මුල සිටම කියැවෙන්නේ...බලන්න අවසානය... 'පාන්කිරිත්තා නැටුම නවත්වා කේන්තියෙන් ආවා කෑදැත්තාගේ කලු අත්තටුවෙන් අල්ලා සෙලවූවා ඊට පස්සෙ ඌ කිචි බිචි ගාමින් මොන මොනවද කිව්වා..... අනුන්ගෙ දේ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කිය හඬා.. කාටද මේ පහර ගසන්නේ...අප අතරම සිටින අනුන්ගේ කුණු සොයන අයට...
ඇත්තටම මෙය ලියා තිබෙන්නේ ප්‍රේම් ගේ රැකියාවට අකුල් හෙලපු ඔහුන් සමගම සේවය කරපු කෙනෙක් වෙනුවෙන්.
ෆ්‍රෙඩීට ලියපු තව ගීයක් ගමුකෝ....බොරුකකුල්කාරයා... ගීතයේ බොරුකකුල්කාරයෙක් පිළිබඳව පියෙක් සහ පුතෙකු අතර ඇති සංවාදයක් කියැවෙනවා. පියා පුතාගේ ප්‍රශ්න වලට ලබාදෙන පිළිතුරු වලින් මිනිසුන්ගේ අහංකාරකම, ලොකුකම ගැන කියැවෙනවා... බලන්න ඒවා ගැන කතා කිරීමට ඔහු යොදාගත් සිද්දිය ....හරිම අපූරුයි ....
ඊලඟට..... 'දවසක්දා කකුළුවෙකුට මොනවද හිතිලා' සමාජ ආකල්ප වලට ප්‍රේම් පහර ගසන්නේ සියුම් කතාවකින්...කකුලුවො යන්නෙ ඇදේට. ඉතින් ප්‍රේම් ගන්නවා කෙලින් යන්න වලිකන කකුළුවෙක්. ඌ කොහොමද කෙලින් යන්න ඉගෙන ගන්නෙ...තැපෑලෙන්....ඌ අන්තිමේදී ඒකේ විභාගයත් ඉහලින්ම සමත් වෙනවා.. එත් ඒ කකුළුවා කෙලින් ගමන් කරද්දි අනෙක් අයගේ උපහාසයට ලක්වෙනවා. දිගටම මේක වෙනවා...ඉතින් අන්තිමේදි ඌ පුරුදු ඇදේටම යන්නට පටන් ගන්නවා ... අපේ සමාජයෙත් මේකම නේද ගොඩක් වෙලාවට වෙන්නෙ.... ප්‍රේම් ගන්න උදාහරණ බලන්න.... අනර් ගයි

ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා!!!
See More

Poet Image
නම :
සුනිල් ආරියරත්න
උපත : 1949 ජූලි මස 28
දෙමාපියන්:
විලියම් කුරුවිට බණ්ඩාර සෝමලතා වැලිවත්ත
සහෝදර සහෝදරියන් :
විමල් (ව්‍යාපාරිකයෙකි) තිලකරත්න කුරුවිට බණ්ඩාර (ලොකු අයියා) නිමල් කුරුවිට බණ්ඩාර (නීතී‍ඥවරයෙක්) හේමලතා (ලොකු නන්ගී) සෙනෙහෙලතා (පොඩි නන්ගී)
සමීපතයන් :
ඇරැව්වල නන්දිමිත්‍ර (මාමාගේ පුතා)
අධ්‍යාපන :
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල විද්‍යෝදය විශ්ව විද්‍යාලය - සිංහල භාෂාව සඳහා පළමු පන්ති සාමාර්ථයක් භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලය - සංගීත විශාරද - පළමු පන්ති සාමාර්ථයක් සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - ආචාර්ය උපාදිය ආසියාතික අධ්‍යයන කේන්ද්‍රය මගින් දෙමල සහතිකලාභී.
රැකියාව :
කැළණි විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කතිකාචාර්යවරයෙකු ලෙස වෘත්තිය ආරම්භ කරන ලදී. යාපනය මණ්ඩපයේ සිංහල අංශයේ කතිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්ය
ලබාඇති සම්මාන :
ගීත රචකයෙකු ලෙස පහත සම්මාන ලබා ඇත.
1981 ජනාධිපති සම්මානය - බාඳුරා මල් 1983 ජනාධිපති සම්මානය - සතර පෙර නිමිති 1984 සරසවි සම්මානය - සසර චේතනා 1987 සරසවි සම්මානය - විරාගය 1990 සරසවි සම්මානය - පෙම් රජ දහන 1992 සරසවි සම්මානය - උමයංගනා 1995 සරසවි සම්මානය - අඹු සැමියෝ 1996 සරසවි සම්මානය - සෙයිලම 1997 ජනාධිපති සම්මානය - බිතු සිතුවම් 2000 ජනාධිපති සම්මානය - විසි දැල

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස ලබා ඇති සම්මාන 2003 - හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය - සුදු සෙවනැලි

කෙටිකතා නවකතා : 1961 - අහිංසකයෝ -

කෙටි කතා සංග්‍රහය 1963 - අපි ඔක්කොම - කාව්‍ය සංග්‍රහය 1964 - අලකේශ්වර - නවකතා 1967 - සියොතුන්ට රැකවල් - කාව්‍ය කෘතියක් 1969 - ජීවිතය ගීතයක් වේවා - නවකතා 1971 - දොලොස් මහේ පහන - කාව්‍ය කෘතියක්

නාට්‍ය නිර්මාණ : 1960 - අමල් බිසෝ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ දෙන දෙයියෝ නාට්‍යයේ නිශ්පාදනය

චිත්‍රපට අධ්‍යක්ෂණයන් අනූපමා (1978), පොඩි මල්ලී (1979), සරුංගලය (1979), කිඳුරු කුමාරී (1980), සිරිබෝ අයියා (1980), බඹා කෙටූ හැටි (1981), සතර පෙර නිමිති (1981), බඹර ගීතය (1982), කැළෑ මල් (1982), මුහුදු ලිහිණි (1983), ක්‍රිස්තු චරිතය (1990), සුදු සෙවනැලි (2002), උත්පලවන්නා (2007), කුස පබා (2012), පත්තිනි (2016)

සුනිල් ආරියරත්නයන් වැඩිපුරම ගී ලියා ඇත්තේ නන්දා මාලනියටයි.

නන්දා මාලනියට ලියූ ගී.
ආලයේ ගාතා, ආලය වන් මනරම්, අයන්න කියන්න, බමුණා උනත්, බුදුන් දහම් සඟ තෙරුවන්, මා සඳට කැමති බව, මගේ දේශය, මගේ සඳ ඔබ, ඔබ නැති මේ රැයට, පෙරදා මහ රෑ, රටකරවන්ට නම්, රුවල් ඉරී ගිය නෞකාවේ, සුදු හාමිනේ, සුළං කපොල්ලේ, තුන් හෙලේ කැලෑ තුල, වහින්නට හැකිනම්, යොවුන් වසන්තයේ

පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ලියූ ගී.
නුඹේ නමින් මා, තාත්තා උනත්, බඹර පැටික්කී

ගුණදාස කපුගේ වෙනුවෙන් ලියූ ගී.
අභිසාරිකාවන්ගේ, මන් හින්දා ඔබෙ

වික්ටර් රත්නායකයන්ට ලියූ ගී.
අපි ඈතට ඈතට පිය නගලා, අපි ඔක්කොම රජවරු, දෛවයෝගයකින්, ගිගිරි ගීත රාවේ, හිත මිතුරු සුලඟ, මාලිනියේ, මීන නුවන්

අබේවර්ධන බාලසූරිය වෙනුවෙන් ලියූ ගී.
අනුරාධපුරය ඔබයි, ගංගා එන්නකො ගංගා, පියාණනී මා, තොටිල්ලෙනී වැටෙන් එහා

සුනිල් එදිරිසිංහට ලියූ ගී.
දෙවනි බුදුන් ලෙස, මල්ලියෙ නරක මිතුරන්

මාලනී බුලත්සිංහල වෙනුවෙන් ලියූ ගී.
ඔබට මා ආදරය කල බව

බණ්ඩාර අතාවුදයන්ට ලියූ ගී.
හිරු හිනැහෙන ගන

සමිතා මුදුන්කොටුවට ලියූ ගී.
ගුමු ගුමුව වදුලේ

ඉන්ද්‍රානි පෙරේරාට ලියූ ගී.
ඉරට අකීකරු, මගෙ හිත වෙනතක

බන්දුල විජේවීරයන්ට ලියූ ගී.
කුලගෙදරින්

ප්‍රදීපා ධර් මදාස වෙනුවෙන් ලියූ ගී.
සොයා දියව් මට සරණක්, හා හා බලාගෙනයි

නීලා වික්‍රමසිංහ වෙනුවෙන් ලියූ ගී.
වියෝ ගී ගැයෙනා

නිරෝෂා විරාජිනී වෙනුවෙන් ලියූ ගී.
සඳ දිය උතුරා

නෙලූ අධිකාරි වෙනුවෙන් ලියූ ගී.
මම යන්නම්

See More

Poet Image
කුමාරදාස සපුතන්ත්‍රි විසින් ගායක ගායිකාවන් සඳහා රචනා කර ඇති ගීත.

සුනිල් එදිරිසිංහයන්ට රචිත ගීත
නිදුකාණනේ චන්ද්‍රමඩල දසිස් දිනා ඇසුවේද කවුරුන් මලක් වෙලා ඔබ පිපෙන්න මලින් මලට ඉගිලුනාට මිනිසා සුවඳයි මලසේ පාට දේදුනු සේදිලා රන් මලක් ලෙස සන්තාප මාවතේ සයුරක් නොදුටු ගඟුලක් හදේ කොතැනක හිසේ ගිනි ඇවිලෙතේ

වික්ටර් රත්නායකයන්ට රචිත ගීත
සීතල පිණි බිංදු බිංදු එපා හිරු පායන්න මනෝ මන්දිරේ ඔබ සඳක් විය

එඩ්වඩ් ජයකොඩි සඳහා රචිත ගීත
මාරම්බරී කැරකෙන රෝදේ ලඳු ඕවිටි කැළෑ මැදින් එපා සඳේ ඔබේ සිනා අකුරු මැකී නෑ යලි උදාවූ වසන්තේ ලෙසින් නිල් නුවන් පෙනෙන දොඹ මලින් මාලතී වසන්තේ

ලක්ෂ්මන් විජේසේකරයන්ට රචිත ගීත
දෑත දෙපාලන ඔබ මට තරුවකි සිනා පිපෙනා මේ වස්න්තය

බණ්ඩාර අතාවුදයන්ට රචිත ගී
රුවන් තාරකා නන් සුරන් බැතියෙන් ප්‍රේමයේ රුදු වේදනා රන්ගිරගින් නැගෙන සඳවට තරු ගනිමු

දීපිකා ප්‍රියදර්ශනීට රචිත ගීත
පිතු සෙනෙහේ මේ තනි යහනේ රාත්‍රිය වී මල් මාවතේ

රෝහණ වීරසිංහයන්ට රචිත ගීත
ගමන් මගක් හැන්දෑකරේ බැරි බර උසුලා ඈත සංසාරේ

අජිත් ආරියරත්නට රචිත ගීත
හදවතින් සෙනෙහස
See More

Poet Image
2017 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ විශිෂ්ඨතම ගීත කෘතිය ලෙස සම්මාන ලබන්නේ කුලරත්න ආරියවංශයන්ගේ 'පිනිබර මලක්' ගීත කෘතියයි. මෙය එතුමාගේ පළමු ගීත කෘතිය බව ඔබ දන්නවාද?

කුලරත්න ආරියවංශයන්ගේ පළමු ගීතය අප හද වට එතුන ගීතයක්. අබේවර්ධන බාලසූරිය සඳහා රචනා කළ 'ආදරයෙන් මා හද වට එතෙන ලතා ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා' ගීතය තවමත් රසික සිත් සතන් තුල රැඳී තිබෙන්නක්.

හතලිස් වසරක එතුමාගේ සංගීත දිවිය තුල ප්‍රේම ගීත සිය ගනනින් ලියැවෙන්නට ඇත....

ඒ වාගේම චිත්‍රපට සඳහා එතුමාගේ දායකත්වය අගය කරනු වටී. සීත අරණේ සුපුල් නා මල, සරා ස‍ඳේ සිනා සේලේ, සුදු මුතු රළ පෙළ සිනමාව තුල ඔහුගේ සළකුණ මනාව කියාපායි. අමරදේවයන්ගේ 'ආරාධනා', TM ජ‍යරත්නයන්ගේ 'රත්තරන් නෙත් දෙකින්', සුනිල් එදිරිසිංහයන්ගේ 'හිඳීවි කොතැනක හෝ', නීලා වික්‍රමසිංගේ 'පුංචි සිතේ පුංචි සිනා', දීපිකා ප්‍රියදර්ශනීගේ 'සිනා පොදක් වී', ප්‍රියා සූරියසේනගේ 'ඇසුරින් මිදීලා' යන ගීත නෑසුවෝ...මතකයේ නැත්තෝ...මුවින් ගලා නොඑන්නෝ ....කවරහුද.....
See More

Poet Image
රත්න ශ්‍රී විජේසිංහ විසින් ගායක ගායිකාවන් සඳහා රචනා කර ඇති ගීත.

ගුණදාස කපුගේට ලියූ ගී. බිම්බරක් සෙනග, බෝදිලිමා අඬන්නේ, කල්ලඩි පාලම, ලෙලි තලන, නින්ද නැති රැයේ, නිර් මලා ලොන්ඩරිය, සේද සිහින සුදු දුන්හිඳ, සිංහල සිංදු කියන

පණ්ඩිත් අමරදේවයන්ට ලියූ ගී
චන්දෝ මා බිලින්දේ, සතර වරම් දෙවි, සුදු නෙලුම කෝ

කරුණාරත්න දිවුල්ගනේට ලියූ ගී
අජානීය ඉස්කූටර, එක්ටැම් මාලිගේ, මිනින්දෝරු කන්තෝරුවෙ, සක්මන් කරන මලුව, ශාන්තිනී තෙමා වැටී

සුනිල් එදිරිසිංහට ලියූ ගී
චන්ද්‍රමණ්ඩලේ සැතැපුන, ලෙන්චිනා මගෙ, මා ඉතින් යන්න යනවා,

වික්ටර් රත්නායකයන්ට ලියූ ගී
පාත ඉඳන් අපි ආවේ

ජානක වික්‍රමසිංහට ලියූ ගී
කිරුල මුතු ලිහී

ජැක්සන් ඇන්තනීට ලියූ ගී
ලන්දේ උකුල උඩ

ප්‍රදීපා ධර්මදාසට ලියූ ගී
නාඩන් පුංචි හිරමනේ

බණ්ඩාර අතාවුදයන්ට ලියූ ගී
නෙතු පියන් පියා

නිරෝෂා විරාජිනීට ලියූ ගී
පුන්සඳ රෑට ඇවිදින්

ශෂිකා නිසංසලාට ලියූ ගී
තොල්පෙති විතරක්

කසුන් කල්හාරට ලියූ ගී
වීනාවී
See More

Poet Image
නම : කළුආරච්චිගේ දොන් කුමාරසිරි ධර්මවර්ධන
නුහුරු නුපුරුදු බවක් දැනෙනවා නේද.. ඒත් කේ ඩී කේ ධර්මවර්ධන කියලා හැඳින්වූවොත් ඒ නම නොදන්නා කිසිදු සුබාවිත ගීත ලෝලියෙක් නැතිව ඇති...
2000 නොවැම්බර් හය වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙලොවින් සදහටම සමුගෙන ගිය කේ ඩී කේ ඒ වන විට 56 වන වියේ පසුවුණා.. දක්ෂ, ජනපි‍්‍රය ගී පද රචකයකු මෙන්ම විද්‍යුත් මාධ්‍යවේදියකු ද ව සිටි එතුමන්ගේ අතින් ලියැවුණු අපූර්වතම ගීත බොහොමයක් අදටත් අප අතර රැව් පිළිරැව් දෙමින් තිබෙන නිර්මාණ බව ඒ ගීත ලැයිස්තුව දුටු විට ඔබට වැටහේවි..

ඔහු සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහකාර පුස්තකාල කළමනාකරු ලෙසිනුයි. එමෙන්ම එකල පළ වූ ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ ලේඛකයකු ලෙස ද කටයුතු කර ඇති කේ. ඩී. කේ. පසුව සිය පුස්තකාල කළමනාකාර රැකියාව සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට මාරුවීමක් ලබාගෙන පැමිණෙන්නේ ගුවන් විදුලියට සම්බන්ධ වීමට වැඩිපුර අවස්ථාව ලබා ගැනීමට ය.
1967 දී ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස සේවයට එක් වී පසුව තැටි ගබඩා භාරකරු, වාචික වැඩ සටහන් පාලක, සිටි එෆ්. එම්. පාලක වශයෙන් විවිධ තනතුරු දරා ඇති කේ. ඩී. කේ. අවසාන කාලයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ‘උම්අල්ක්වේන්’ ගුවන් විදුලියේ සිංහල වැඩ සටහන් භාර ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිට තිබෙනවා..

කේ ඩී කේ ධර්මවර්ධන මුලින්ම ගීත පද රචනයට යොමු වන්නේ මිල්ටන් මල්ලවාරච්චිගේ ඇරයුමෙනුයි.. එහෙත් පසුකාලීනව පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් අතර වෙනස තේරුම් අරගෙන සාර්ථකව නිර්මාණකරණයේ නියැලෙන්නට කේ. ඩී. කේ. ට පුළුවන් වුණා..
ඔහු සතුව තිබූ භාෂා පිළිබඳ පරිණතභාවය ඒ ගීත නියැදියක් පරීක්ෂාවට ලක් කිරීමෙන් මනාව පැහැදිලි කර ගත හැකියි...

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැයු “මහ වැස්සක පෙර නිමිති” (මා දැන් මහලු වියේ), කුමරියක පා සළඹ විජේරත්න වරකාගොඩ ගැයූ “මිහිරි සිහිනයක දැවටුණු”

ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැයු “දිනෙක හිරු බැස යන” - “නීල බිඟු කැල” - “හෝපලු වන පෙත” - “සඳ හිරු පවතින තුරු” - “අපි උදේ ගිහිල්ලා” වැනි හැත්තෑවේ දශකයේ වඩාත් ජනපි‍්‍රය වූ ගීත සංකල්පනාවන්ගේ හිමිකාරයා කේ. ඩී. කේ. වූ අතර, “මගෙ හිත වෙනතක” - “සතුටු සුළං රැලි” - “කවුදෝ කවුදෝ” (ඉන්ද්‍රානි පෙරේරා)

“ආදර සීනුව“ - “රනින් මාල” (ග්‍රේෂන් ආනන්ද)

“රන් මී විත පුරවා” - “මා සනසා” - “නිලුපුල් යුවළේ” (මර්වින් පෙරේරා)

“ඇගේ සිනහව තහනම්” - “ගම මහනුවරයි” (චන්ද්‍රකුමාර් කඳනආරච්චි)

“රිදී නිම්නය කඳුළු නිම්නය” (බන්දුල විජේවීර)

“සුරඟන වෙස් වළා” (ගෝල්ඩන් චයිම්ස්)

“බිඟු බමා බමා” - “ඔබට සිත ආදරේ කරයි” (දයාරත්න පෙරේරා)

“සුවඳ දෙන මල් වනේ” (රූකාන්ත ගුණතිලක) වැනි ගීත දෙදහසක් පමණ ඔහුගේ ගී පද සරණියේ ඇතුළත් ය.
මිල්ටන් කේ ඩී කේ සොඳුරු සුසංයෝගයෙන් බිහිවුණු ගීත රැසක්ම අදටත් අපේ මුවග රැව් දෙමින් පවතින ඒවා වීමත් සුවිශේෂීයි..
මිල්ටන් ගැයූ “රණබර ඉඳුඳුණු සිතුවම් වෙලා” - “සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්” - “මා හා එදා පි‍්‍රය සාදයේ” - “සයුරු තෙරේදී” - “මට මෙන් ඔහුට ද කඳුළ ඔබයි” - “උපුල් කොපුල් වෙහෙසී ඇතේ” - “රන්මසු නැහැ කියා” - “ඉවුරු තලා ගංඟා බැස යනවා” - “සිටු කුමාරියේ ඔබේ සිනා සඳළු තලාවේ” - “කෙසේ කියන්නද ඔබ මා අතහැර” - “නිරතුරු ඔබ ගැනම සිතන්නෙමි” වැනි ගීත ගණනාවක්ම පද රචනා කේ. ඩී. කේ. ගේයි.

සටහන : අමාලි වසුන්දරා
See More

Poet Image
නම : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සිංහල ගීතයේ වර්තමාන තත්ත්වය නිතරම සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක්.. පද රචනා මේ තරම් දුර්වල වුණේ කොහොමද.. අතීතයට මදක් ගියොත්.. මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙති වල කවුදෝ ලියලා.. කවුරුද අම්මේ මේවා ලියන්නේ.. පාට පාට ඉරි හැඩ ගහලා. මතකද මේ ගීතය.. කොයි තරම් සරල වචන ද? ඒත් මේ ගීතය තවමත් නැවුම් වෙන්නෙ ඇයි.. මේ වචන අස්සෙ මොනතරම් නම් විස්මයක් කැටි වෙලා තියෙනවාද..

දරුවෙකුගේ හිතේ සොබාදහම ගැන ඇතිවන මේ ගැටලු අම්මා කෙනෙක් කොතරම් සෞම්‍ය ආකාරයට කියාදෙන්න උත්සාහ කරනවා ද බලන්න.. අවසානයේ දී දරුවාගේ වැටහීම බලන්න.. දුටුවද ටික ටික හිනැහෙන ලස්සන.. ඉස්සර කියු බණ මතක් වෙලා... මේ ගීතයේ අපූර්ව නිර්මාපකයා තමයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්..

ගේය පද රචකයෙක් තුළ පැවතිය යුතු සුවිශේෂීම ලක්ෂණය විය යුත්තේ භාෂා ඥානය.. ඒ වගේම ඇසූ පිරූ තැන් ඇති බව.. නිසඟ හැකියාව සමඟ ඒ දේවල් මිශ්‍ර වුණු තෝතැන්නක් බඳු මානවසිංහයන් ගැන කතා නොකර සිංහල ගේය රචනාවේ ඉතිහාසය ගැන කතා කරන්නට හැකිද..

මානවසිංහයන් කවියෙක්, ලේඛකයෙක්, පත්‍රකලාවේදියෙක්, ගීත රචකයෙක්, නාට්‍ය රචකයෙක් මෙන්ම දක්ෂ කථිකයෙක්ද වශයෙන් බොහෝ ක්ශේත්‍රයන්හි එකසේම දක්ෂතා දැක්වූ පුද්ගලයෙක්.. සිංහල භාෂාව වගේම පාලි හා සංස්කෘත භාෂාවන් කෙරෙහිද සමත්කම් දැක්වූ එතුමා දෙවරක් පැවිදි ජීවිතයට ඇතුළුව උපැවිදි වුණා. එතුමා ඉන්දියාවේදී හින්දි සහ බෙංගාලි භාෂාවන් ද හැදෑරූ බව පැවසෙනවා.
‘ග‍්‍රැමෆෝන් යුගයේදී අනුකාරක මාවත ඔස්සේ ගමන ආරම්භ කළ ආනන්ද සමරකෝන් එයින් මිදී, අපේ පා බිම තබා ගමන් කළ හැකි ගල් මුල්වලින් තොර මාර්ගයක් ඉදි කළේය. ඒ මාර්ගයෙහි වූ වළ ගොඩැලි ඉවත් කොට, යහපත් මාවතක් ගී සින්දු ලෝකයට තනා දුන්නේ ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ මහතාය.’ මේ මඩවල ඇස්. රත්නායක සූරීන් ඔහුගේ ‘ගී සින්දු සාහිත්‍ය’ නම් කෘතියෙහි මානවසිංහයන් දක්වා ඇති අයුරුයි.
අම්මා, මේ මානසිංහයන් දුටු අම්මායි. පනහ දශකයේදී මව්ගුණ ගී තරගයක් වෙනුවෙන් ඔහු රචනා කළ මේ ගීතය එහි ජයග්‍රහණය ලද නිර්මාණය බවට පත්වුණා.. සොම්නස හෝ සංතාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා කරුණා ගුණයේ සාරය සොයලා නිම කළ පිළිරුව අම්මා පණ්ඩිත් අමරදේවයන් හට ගීත රචනා කළ විශිෂ්ඨයන් කිහිප දෙනා අතරට මානවසිංහයන්ද එක් වෙද්දී එතුමා අතින් ලියැවුණු පාරමිතා බල ගීතය සුවිශේෂීයි. වෙසක් උත්සවය සිහි කළ සැණින් අදටත් අපගේ මතකයට එන මේ ගීතය මානවසිංහයන් අතින් ලියැවුණු අති රමණීය බුදුගුණ ගීතයක් බව පිළිනොගන්නා අයෙකු සිටිය හැකිද?

පාරමිතා බල ගීතය මෙන්ම ජගන් මෝහිනී, වැලිතල අතරේ, ඔබේ නමින් සෑය බඳිමි වැනි අපූර්වතම ගීත පද රචනාද ලියැවුණේ මානවසිංහයන් විසින්. ජගන් මෝහිනී හෙවත් සරස්වතී අභිනන්දන ගීතය මුළුමනින්ම සකු බසින්ම ලියැවුණත් එහි රසය විඳින්නට බස කිසිඳු බාදාවක් නොවී ඇති අපූර්වත්වය බලන්න.

පුවත් පත් තීරු ලිපි රචකයෙක් ලෙස ප්‍රචලිකව සිටි මානවසිංහයන්ගේ වගතුග තීරු ලිපිය ඉතා සුප්‍රසිද්ධ එකක් වුණා. එමෙන්ම බොහෝ දේශපාලන චරිත නොබියව විවේචනය කළ නිසාම ඒ ඒ අයවලුන්ගේ විරෝධයට ලක්වීමටද ඔහුට සිදුවුණා.
මානවසිංහයන් 1955 වර්ෂයේදී ප්‍රථම සිංහල ගුවන්විදුලි නාටකය වූ 'මනෝහාරී' රචනා කළ අතර 1957 දී 'කෝමළ රේඛා' නමින් ගීත සංග්‍රහයක්ද පළ කළා. මෙම ගීත සංග්‍රහයට කවි පන්ති කිහිපයක් ද ඇතුළත් වූ නමුත් කිසිදිනක කේවල කාව්‍ය සංග්‍රහයක් පළ කළ බවක් සඳහන් වන්නේ නැහැ.

නම - ශ්‍රී චන්ද්‍රරතන මානවසිංහ
උපන් දිනය - 1913 ජුනි මස 19
උපන් ගම - බෙලිඅත්ත පුවක් දණ්ඩාව
රැකියාව - අවසාන වශයෙන් පුවත්පත් වේදියෙකි
විපත - 1964 ඔක්තෝබර් 4 වැනිදා කොළඹදී

මානවසිංහයන්ගේ සියලු ගීත රචනා එක් තැන් කළ කෘතියක් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් 1991 දී පළ කර තිබෙනවා. එය 'මානවසිංහ ගීත නිබන්ධ' නමින් නම් කළා. දන්නා මෙන්ම නොදන්නාත් බොහෝ දේ ඇති.. සුබාවිත සිංහල ගීතය කෙරෙහි ලැදි ඕනෑම කෙනෙකුට ඔහු ඉතා අගනා පුද්ගලයෙකු වන බව නොඅනුමානයි.

සටහන : අමාලි වසුන්දරා
See More

Poet Image
නම : ලූෂන් බුලත්සිංහල
උපත :
1943 මැයි මස 30 වනදා රත්මලානේදී
අධ්‍යාපනය :
රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය / දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය / පේරාදෙණිය විශ්ව විද්‍යාලය (ශාස්ත්‍රවේදී උපාධිය)
රැකියා :
1971 වසරේ ගුවන්විදුලියේ ස්ථිර නිවේදකයෙක් වශයෙන්. ප්‍රේමකීර්ති ද අල්විස්, නිව්ටන් ගුණරත්න සහ කේ.ඩී.කේ. ධර්මවර්ධන ආදීන් මෙතුමාගේ සමකාලීනයන්. ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ වැඩසටහන් සම්පාදනය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
සම්මාන :
ලූෂන් බුලත්සිංහලයන් අධ්‍යක්ෂණය කළ 'තාරාදේවී' ටෙලි නාට්‍යය 1987 විජය රුපවාහිනි උළෙලේ සම්මාන එකොළහෙන් නවයක්ම දිනා ගන්නට සමත් විය.

ප්‍රේමසිරි කේමදාසයන් ගේ 'දොරමඩලාව' හා 'සොඳුර වර්ණදාසි' ඔපෙරා වල පෙළ සැකසීම මෙන්ම ගීත රචනය සඳහා පිදෙන ඉහළම සම්මාන කීපයක්ම ඔහු තමා සතුකර ගත්තේය.
එතුමා නිර්මාණය කළ රතු හැට්ටකාරි' 1974 දී හොඳම නාට්‍යය ඇතුළු සම්මාන කිහිපයක්ම දිනා ගත්තේය.

වේදිකාව, සිනමාව මෙන්ම ටෙලියේද රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් එකසේ දස්කම්පෑ මෙතුමා ගී පද රචකයෙක් ලෙසට දැනසිටින අය බොහෝය.
මීට අමතරව ගත්කතුවරයෙකු වශයෙන් නාට්‍ය සහ සංගීතය වෙනුවෙන් ග්‍රන්ත කිහිපයක් ලියා ඇත. ලූෂන් බුලත්සිංහලයන් 1960 දී එල් එල් කේ ගුණතුංගයන් අධ්‍යක්ෂණය කළ අශෝක මාලා ගීත නාටකයේ සාලිය කුමාර චරිතයට පන පොවමින් තම රංගන දිවිය ආරම්භ කරන අතර ඔහුගේ පළමු වේදිකා නාට්‍යය වන්නේ 1061 දී එලිදැක්වූ 'මන්නඩියා' යි. එයට පසු නොනිවෙන ගිනි, රතුහැට්ටකාරී සහ තාරාවෝ ඉගිලෙති නාට්‍යවල රංගනයෙන් දායක වී ඇත.

1967 දී 'සැඩොල් කඳුලු' ඔහුගේ ප්‍රථම සිනමා රංගනය ලෙසින් වර්ථාවේ.
ඊට අමතරව වෙස් ගත්තෝ, හත් දින්නත් තරු, චූඩා මාණික්‍යය, දඬු මොණරා, ආරාධනා, සිටු දියණිය, කිරි කවඩි, අබා සහ හෝ ගාන පොකුණ යන චිත්‍රපට වල රංගනයෙන් දායක වී ඇත.

ඔහු ලියා ඇති පොත් අතරට පිපුණ මලේ රුව, කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය, සිහින ඔපෙරා දෙකක්තා සහ තාරාවෝ ඉගිලෙති (නාට්‍යය) ඇතුළත්වේ. ඔහුගේ ගී පද රචනා අතර 'විදුලි මිණි පහන්, මිණි මිණි පොදේ, කොළොම්තොට නැත, මන් හින්දා, රජමැදුරක ඉපදී සිටියානම්, සෝබාවදේ, දීකිරි දීකිරි.....' ආදී ගීත ගනනාවකි.

සටහන : අමාලි වසුන්දරා
See More

Poet Image
"කිසි ලෙසකිනිදු හමුවිය නොහැකි නිසා මගේ මේ ගීයක සියුම් වදනකින් ඔබේ හදවත ස්පර්ශ කරමි"

සූරියකාන්තා ගීත එකතුව දයා ද අල්විස් සිංහල ගීත ඉතිහාසයේ ගී පද රචකයන් සිය ගණනක් අතුරින් කාන්තා නමක් කියැවෙන්නේ ඉඳහිටකය.
ඒ අතලොස්සෙන් ද ඇගේ නම සුවිශේෂී ස්ථානයක නිරන්තරයෙන්ම රැඳෙන නාමයක් බවට පත්ව ඇත.

ඇය ගුවන්විදුලි නිවේදිකාවක ලෙසින්ද ගත් කතුවරියක ලෙසින් ද කිවිඳියක ලෙසින්ද ක්ෂේත්‍රය පුරාවට ලද අත්දැකීම් වලින් පිරිපුන් චරිතයක් වූ අතරම ජීවිතයේ විවිධ කම්කටොළු වලට මුහුණ දීමෙන් ලත් අත්විඳීම් සිය ගී පද රචනාවන්නේ ඉතා සුමට ලෙස දක්වා ඇති බව දැකගත හැකිය.

ප්‍රේමය මෙන්ම වියෝව වේදනාව පාළුව හා තනිකම ද ඒ ගී පද අතර සුලබ ය.. ඇගේ පළමු ගීතය වූයේ ගායන ශිල්පී මිල්ටන් පෙරේරා වෙනුවෙන් හැටේ දශකය අගදී ලියු ‘කඳුළු අතරට සිනා රැලි වෙමි,’ ගීතයයි.

එතැන් සිට දයා ද අල්විස් ලියා ඇති ගේය පදවැල් ගණනින් තුන්සියය ඉක්මවයි. ඇය ප්‍රථමයෙන්ම විවාහව සිටින්නේ සෝමපාල රණතුංගයන් විසින් වන අතර දෙවන වර ඇය ප්‍රේම කීර්ති ද අල්විසුන් සමඟ විවාහප්‍රාප්ත වූවාය. දයා මාදුගොඩ, දයා ද අල්විස් බවට පත් වන්නේ එලෙසින්ය.

සදාකාලිකව රසික හදවත් තුළ රැව් පිළිරැව් දෙන මේ ගීයක ඈ සිය ප්‍රතිභාව මනා ලෙස විදහා දක්වන්නීය..

නෙතින් නෙත බලා ලා හිතේ දුක නිවා
අදින් පසු මියේ වී අපේ ඒ කතා...
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

ඈත් බව දැනී ලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ....
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණා දෝ නොහිමි ආදරේ......
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා...

පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙට ට උරුම වූ...
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතූ
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ...

ගී සංකල්පනාව : දයා ද අල්විස් තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස් ගායනය : රෝහණ බෝගොඩ

සටහන : අමාලි වසුන්දරා
See More

Poet Image
කරුණාරත්න අබේසේකර ගී පද
C T ප්‍රනාන්දුට ලියූ ගී
අවදිවන්න අවදිවන්න, පියුමෙහි පැනි බොති, සීගිරි සුකුමාලියේ, හෙල ජාතික අභිමානේ, සඳවට රන් තරු, කිමද සුමිහිරියේ

පණ්ඩිත් අමරදේවයන්ට ලියූ ගී
සඳුන් ගසේ සමන් වැලක්, ඉපිද මැරේ

H R ජෝතිපාලට ලියූ ගී
සමන් මල් පියල්ලේ, ප්‍රේමෙන් බැඳෙන්නෝ, අද අමුතුම රැයකි, ආවා සොයා ආදරේ, අමර පෙම් ලතාවේ, දකින දසුනේ, කොයි යන්නේ, මේ ගී කාටදැයි, මී පිරුනු සුවඳ මල් වනේ, සීත සුනිල් දිය දහරා

සනත් නන්දසිරිට ලියූ ගී
ලස්සන නම් නෑ

මොහිදීන් බෙග්ට ලියූ ගී
ගිරිහෙල් මුදුනේ, අමතක කරලමු පැරණි කතා

මිල්ටන් මල්ලව ආරච්චිට ලියූ ගී
ගමනේ ගිම් නිවූ එදා, කවුරුද පාවී, ඔරුවක පාවෙන, සංසාර සෙවනැල්ල

මිල්ටන් පෙරේරාට ලියූ ගී
මග ගන වන්නතරේ, දෙතුන් වතාවක්, ඔබ තරමට මානැලවූ, සොබා අලංකාරේ මුහුනේ

වික්ටර් රත්නායකයන්ට ලියූ ගී
පෙම්බර මදූ මගේ
See More

Poet Image
ඩෝල්ටන් අල්විස් විසින් ගායක ගායිකාවන් සඳහා රචනා කර ඇති ගීත.

සුනිල් එදිරිසිංහයන්ට රචිත ගීත නිදුකාණනේ චන්ද්‍රමඩල දසිස් දිනා ඇසුවේද කවුරුන් මලක් වෙලා ඔබ පිපෙන්න මලින් මලට ඉගිලුනාට මිනිසා සුවඳයි මලසේ පාට දේදුනු සේදිලා රන් මලක් ලෙස සන්තාප මාවතේ සයුරක් නොදුටු ගඟුලක් හදේ කොතැනක හිසේ ගිනි ඇවිලෙතේ

වික්ටර් රත්නායකයන්ට රචිත ගීත සීතල පිණි බිංදු බිංදු එපා හිරු පායන්න මනෝ මන්දිරේ ඔබ සඳක් විය

එඩ්වඩ් ජයකොඩි සඳහා රචිත ගීත මාරම්බරී කැරකෙන රෝදේ ලඳු ඕවිටි කැළෑ මැදින් එපා සඳේ ඔබේ සිනා අකුරු මැකී නෑ යලි උදාවූ වසන්තේ ලෙසින් නිල් නුවන් පෙනෙන දොඹ මලින් මාලතී වසන්තේ

ලක්ෂ්මන් විජේසේකරයන්ට රචිත ගීත දෑත දෙපාලන ඔබ මට තරුවකි සිනා පිපෙනා මේ වස්න්තය

බණ්ඩාර අතාවුදයන්ට රචිත ගී රුවන් තාරකා නන් සුරන් බැතියෙන් ප්‍රේමයේ රුදු වේදනා රන්ගිරගින් නැගෙන සඳවට තරු ගනිමු

දීපිකා ප්‍රියදර්ශනීට රචිත ගීත පිතු සෙනෙහේ මේ තනි යහනේ රාත්‍රිය වී මල් මාවතේ

රෝහණ වීරසිංහයන්ට රචිත ගීත ගමන් මගක් හැන්දෑකරේ බැරි බර උසුලා ඈත සංසාරේ

අජිත් ආරියරත්නට රචිත ගීත හදවතින් සෙනෙහස
See More

Poet Image
'සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං.."

නම -
බන්දුල නානායක්කාරවසම්

උපත -
10th March, ගාල්ල දී

පාසල -
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (1 - 12) දික්වැල්ල විජිත විද්‍යාලය (12 - 13)
පාසල් වියේදී දක්ෂ මළල ක්‍රීඩකයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම කවියෙක්ද වූ බන්දුල, මුලින්ම කවියක් ලියා ඇත්තේ වයස අවුරුදු 05දි මිහිර ළමා පුවත්පතටයි.

"ඉර ලස්සනයි ඉරගල රැස් වැටෙන විට
සඳ ලස්සනයි කඳු අතරින් තිබෙන විට
වැව ලස්සනයි දිය මත තරු නටන විට
ලොව ලස්සනයි ලොව මා ළඟ සිටින විට"

1981 දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවකු ව සිටියදී ලියූ ඉහත ගීතය ඔහුගේ පළමු තැටිගත කල ගීය යි. ජන ගී ආරට ලියවුනු එය නන්දා මාලිනිය විසින් ගායනා ක‍රන ලදී.

"ගඟක් සේ ඔබ ගලා ඒ නම් මුව දොරක් වී ඔබව හමුවන්නම් මලක් සේ ඔබ පෙති සළයි නම් පවන් රළ වී ඔබව සිප ගන්නම්.." බන්දුල නානායක්කාරවසම් ගේ කවි හා ගීත වල දැකිය හැකි විශේෂ ම ලක්ෂණයක් නම් ඒවායේ ඇති අතිශය මෘදු මොලොක් වචන භාවිතයයි. ඔහුට හමුවන ඉතා රළු අත්දැකීමක් පවා ඉතා සියුම් ලෙස ගෙන සරල මෘදු බසින් යුත් හදවතට සමීප වන ගී රචනාවක් බවට පත් කිරීමට ඔහු සමත්කම් දක්වයි.

"රෑ ඉරපාන" ගීත රසවින්දනාත්මක වැඩසටහන, ශ්‍රී ලංකා ගුවන් විදුලි වැඩසටහන් අතර සුවිශේෂී සන්ධිස්ථානයකි. එහි රචනය සහ කථනය සිදු කරන්නේ බන්දුල නානායක්කාරවසම් විසිනි. 2011 සැප්තැම්බර් 11 සිට 2013 දෙසැම්බර් 23 දක්වා අවුරුදු දෙක හමාරක කාලයක් සතිපතා ගලා ගිය රෑ ඉරපාන, පුරා පැය දෙකක් ශ්‍රාවකයන්ගේ යහපත් ගීත රසිකත්වය වෙනුවෙන් ප්‍රචාරය විය. රෑ ඉරපාන කොටස් 115 කින් යුතු වැඩසටහන් මාලාවකි. මේ ඒ වැඩසටහන පිළිබඳව කියන ඔහුගේම වචනයි..
" ගීතයක් ඇහුවම නිවෙන්න ඕනේ.. ගීතයක් ඇහුවම අපි අලුත් මිනිස්සු වෙන්න ඕනේ.. ඒ නිසා තමයි රෑ ඉරපාන අවුරුදු දෙක හමාරකටත් වැඩි කාලයක් ඔබට කියන්න මහන්සි ගත්තේ.. ඒ මහන්සිය සැඩ ඉර එලියට හසුවන නෙළුම් මලක තියන නිර්මල පිණි බින්දුවක් වේද කියා මා දන්නේ නෑ.. ඒ සියල්ලම මම ඔබට බාර කරනවා.. අද මා මගේ සුලමුල සියල්ල ඔබට කියනවා.."

රෑ ඉරපාන 2013 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ වසරේ හොඳම සංගීතමය ගුවන් විදුලි වැඩසටහනට හිමි ස්වර්ණ සම්මානය දිනාගනු ලැබීය.

සටහන - සනූජා ජයරත්න
See More

💬 Connect with Nadeeka

Follow on social media and stay updated with exclusive content!

Contact: nadee_gayathri50@yahoo.com

© 2025 Nadeeka Gayathri Perera | All Rights Reserved