ඔබයි මගේ හදේ ඇඳී හීන දේදුන්න
සිහිනයක් වෙන්න ඔබව දැක ගන්න
ඔබයි මගේ හදේ ඇඳී හීන දේදුන්න
මෙතැන් පටන් මගේ ලියැවිලි සමග එකතුවෙන්න ඔබ සැමට ආරාධනා කරනවා.
මම නදීකා ගයත්‍රි පෙරේරා
හීන ගිනි ගත් රැයක
හීනියට වැසි වැටෙන සීතලට හිත ගැහෙන
පාලුවට හීනයක මතකයන් ළගතියා....
දුක හිතෙන කතාවක් කිය කියා තැවෙන්නම්
අඩන්නට හදන ඇස් පියන් උස්සා බලා....
නෙතේ කදුළක බරට හිතේ ඈතම කොනක
ඔය සුවද විතරක් ම ආදරෙන් වළ දමා....
පෙමෙන් රැකි සිතැත්තිය හඩවලා රිදවලා
හීන ගිනි ගත් රැයක නුඹ කොහෙද සැගවිලා....
අහස සේ වෙනස් වුණු සුළග සේ ඈත් වුණු
පෙම් හිතේ රිද්මයට විරහ ගීයක් ලියා...
ඔය හිතට ඇහෙන්නට දහස්වර කියෙව්වෙමි
දෝත එක්කර ඔබෙන් ජීවිතය ඉල්ලලා....
හිත හැදුවෙ නැති වුනත් දුක ඇහුවෙ නැති වුනත්
කදුළු නැති ඉසව්වක නුඹ හොදින් වග අසා....
දහස්වර සැනසුනෙමි එක් වරක් ළතැවුනෙමි
එකම එක වරක් නුඹ දකින සිත් ඇති නිසා....

#මැණික 14/03/2021
නැවතිලා මමත් වෙන ලෝකයකහුරුපුරුදු සින්දුවක් ඇහුණත්
හිත දුවනකොට අතීතෙට...
අදටත් සුසුමක් හෙළනව
දුකට නොව දැන් පුරුද්දට...
සිහි වුණත් සුන්දර නමුත්
හිතට දැන් අයිති නැති මතකයට...
අදටත් හරි ආදරෙයි මං
නුඹට නොව නුඹ දුන් ප්‍රේමයට...
හුගක් කල් ගත වෙලා දැන්
නැවතිලා මමත් වෙන ලෝකයක...
නුඹත් වෙන කාගෙ හරි ළග දැන්
නතර වී ඇති අලුත් හීනයක...
හමු වෙලා වෙන් වෙලා ගියත් අපි
ජීවිතේ තවත් එක කාලයක...
මතකයන් අදත් හරි සොදුරුයි
මගහැරී ගිය පරණ ප්‍රේමයක...

#මැණික 19/03/2021
ඔබ එදා හමු නොවුනි නම් නිදන නෙතු පිය රිද්දමින් එන
සිහිනයද ඔබ නොවුනි නම්...
හඩන මා හද තවත් රිද්දන
දරුණු සිත ඔබේ නොවුනි නම්...
සිනා වී සිට මගේ හදවත
ඔබ සොරාගෙන නොගියා නම්...
අනේ සත්තයි තවත් හිනැහෙමි
ඔබ එදා හමු නොවුනි නම්...

#මැණික 20/03/2021
සංසාරෙ පුරුදු ඇයි හමුවෙන්න වෙන් වෙන්න. අත් බැඳන් හිත් තුටින්
බැරිවෙලා දුර යන්න....
නෙත් වලින් ගව් ගනන්
දුර වෙලා හමු වන්න..
හිත් වලින් ලංවෙලා
නොහැකි වී එක් වෙන්න....
සංසාරෙ පුරුදු ඇයි
හමුවෙන්න වෙන් වෙන්න...

#මැණික 23/03/2021
ආයෙමත් ඇවිදින් වැස්ස ඉස්සරම දවසක වැස්සක
ආදරෙන් තෙමුණ...
ප්‍රේමයක් මතකද නුඹට
අතීතයෙ නොදැනිම බිදුණ...
ආයෙමත් ඇවිදින් වැස්ස
පපුවටම සීතල දැනෙනෙ...
නොදැනිම කදුලක් වැටුණා
මතක් වී මතකය පරණ....

#මැණික 24/03/2021
කොපුලක තැවරුණු අරුම සෙනෙහස කොපුලක තැවරුණු
අරුම සෙනෙහස...
මන්පෙත පහදපු
පිවිතුරු ප්‍රේමය...
ළග තියාන මම
කවි ගී ලියන
අහිංසක හදවත...
ඔබම මිස වෙන කවුරුන්ද.......

#මැණික 25/03/2021
වැරදි කවියක කදුඵ සලන නුඹ පැරණි දින පොත නැවත බල බල
ලියපු කවි පද හොයනවා...
වැරදි කවියක කදුඵ සල සල
ඔයා ඉන්නව පේනවා...
එවැනි කවියක වැරදි හද හද
ආයෙමත් මම ලියනවා...
කොහොම හැදුවත් හදාගන්නට
නොහැකි වැරදිත් තියෙනවා...

#මැණික 27/03/2021
ඔබ සඳය..සඳ දුරය
අදුරටත් ඉස්සරින් ඇස් ඇරිය
රත්තරං පාට එක හීනයක
මතකයක් තියෙනවා ඔබ හිදි වගට...
හීතලට දෙකම්මුල් රිද්දලා...
අකීකරු හුළග හා හාදවී...
එබෙද්දි ඔබේ සුවද මා හදට
ප්‍රේමයක් පණ ගැහෙණු දැනුනි මට..
ඉස්සර දවසක මගේ හිත
ආදරය ගැන ලියපු කවියක දෙකක
ලියුවෙමි ඔබට මතක හිටින්නට..
ඔබ සඳය..සඳ දුරය හැමදාම...
ළග ඉන්න හිතාගෙන උන්නට
අහස ඊටත් දුරලු දන්නවද...
කිසිදාක හමු නොවන බව දනිමි..
හිතෙන හැම වෙලාවෙම රිදුම් දෙන මගේ හිත
හැමදාම හීනෙන් හීනයට
බලා උන්නත් ඔබව හමුවන්න
මට තනියි ඔබට එය දැනෙනවාද...?
ඇත්තටම මගේ සුවද නැති තැනක
ඔබට හුස්ම ගත හැකිද...?
#මැණික 10/04/2021
මම අදත් මල් පහන් පුදනවා.
අපි ආව මාවතේ මා දමා
ඔබ තනිව ගියැයි මා හොදටෝම දන්නවා...
ඒ වුනත් රිදුනු හිත සනසන්න
ආයෙමත් මං කදුළු එක්කාසු කරනවා...
ලස්සනයි හීනයම ආයෙ දවසක එන්න
හිත තවම ආදරය කරනවා...
ඇත්තමයි ඒ වගේ පෙම් පිරුනු හෙටක් ගැන
මං තාම මල් හීන දකිනවා...
ළංව දෑතට සිරව ආදරෙයි කියු හැටි
අනේ මම තවම සිහි කරනවා...
ඔබෙ සිනා පැතු දෑස අද කදුළු සලන විට
නෙත් අදව නොගියේ ඇයි සිතෙනවා...
මේ හැටිම ගින්දරක් දරාගන්නට කොහොම
ඉගෙන ගත්තාද හිත අහනවා..
ඇත්තමයි..ගිහින් නෑ එදා වාගෙම කැපයි
මේ හිතේ තවම ඔබ ඉන්නවා...
ඔය හිතැති උරහිසට වහන් වී කදුළු බිව්
ඔබේ මෘදු සිතැත්තිය හඩනවා..
ඇගේ පපුතුර ඔබට එදා මගේ සෙනෙහෙ මෙන්
සෙවණ දැයි මෙදා මට සිතෙනවා...
ඔයා නිදුකින් තුටින් සිනහ වී ඉන්න කොට
තනි වුවත් සැනසුමෙන් ඉන්නවා..
ඇත්තමයි තරහා නෑ ඔබට හිරු පායන්න
මම අදත් මල් පහන් පුදනවා...
#මැණික 11/04/2021
දන්නවද මැණික
ලොව නොදැන උන්නාද..?
හිත විතරක්ම දැන උන්නා
මා නුඹට පෙම් කරනා බව
නුඹේ ඔය හීන් හීනාවට ඔය ඇස් දෙකට
මොන තරම් නම් මම ආදරය කෙරුවද..?
ඒත්...ඔය හිනාව ළග
මගේ ආදරේ ගොළු වුනා..
සත්තකින්ම...
හිතේ තියෙන දේ අකුරු කරන්න බැරුව
රැයවල් කීයක් නම් පහන් කරන්න ඇත්ද...
ඒ ලෙංගතුකම හිතටම
තද කරන් විදවන්න..ලතවෙන්න ඇත්ද..
ඒත්..අද මගේ හිත නිදහස්....
දන්නවද මැණික ...
හුස්මක් තරම්ම මට ඔයාව වටිනව..
දැනෙනව..
#මැණික 15/04/2021
ඔබ මට හිමි නැත වරක් නොව
දෙවරක් නොව
සිය දහස් වර
කිව හැක
මා ඔබට ආදරේ බව...
එහෙත්,
සිය දහස් වර
මා දනිමි
ඔබ මට හිමි නැති බව

#මැණික 18/04/2021
නුඹ තරම් කිසිත් නැත ආදරෙන් බැඳීලා.
දිනෙන් දින ගතව යයි ඉඩක් නෑ දකින්නට...
බිඳෙන් බිඳ ලංව සිත බැරිය ඉන් මිදෙන්නට...
සිතින් සිත යා වෙලා සැනසුමෙන් රැඳෙන්නට...
පිනක් නැත මොහොතකුදු ළඟට වී හිඳින්නට...
හිනා වෙන ඇස් නුඹේ සොයමි මා දකින්නට...
හොවාගෙන සිප ගත්ත දෙතොල් යළි සිඹින්නට....
නුඹෙ ලයෙහි හිස හොවා උණුසුමෙහි රැඳෙන්නට...
හැම රැයෙම එමි ඔබේ තුරුල්ලෙහි නිදන්නට....
නුඹ තරම් කිසිත් නැත ආදරෙන් බැඳීලා...
නුඹ දුන්නු පෙම තරම් කිසිත් නැත පිනාලා...
පණ තරම් ආදරෙන් බැඳෙමු අපි වෙලීලා...
අද මෙන්ම මතුවටත් එමි නුඹම පතාලා..
#මැණික 24/05/2021
දේදුන්නයි නුඹ මගෙ හිත් අහසේ
පිණිබිදු සියපත් සිප ගන්නාසේ...
මදනල නැලවෙයි තුරුලිය පහසේ...
ආදරයම පුරවන පණ විලසේ...
දේදුන්නයි නුඹ මගෙ හිත් අහසේ...
නෙතු හිනැහෙනවා නොදැනිම රහසේ...
නුඹ මතකෙට එන මොහොතක් තිස්සේ...
සිපගන්නට හැකිවෙද මුව සිත්සේ...
බලා හිදිමි දින ගනිමින් දුකසේ...
තරුමල් හිනැහෙයි සඳවත පහසේ...
නෙතු පියවේ මගෙ නොදැනිම රහසේ...
නුඹෙ උණුසුම නැති මේ රෑ තිස්සේ...
හද මගෙ වැලපේ ඉවසනු බැරිසේ...
දැවටී ඉන්නට නුඹ වට රිසිසේ...
ඉන්නට නොහැකිය මසිත කැමති සේ...
මට ඕනෑ මුත් ඔබ හැමතිස්සේ...
පින් මදි වී දෝ වැලපෙමි රහසේ...
#මැණික 28/05/2021
කියා දෙනවද
කියා දෙනවද
ඔයා ළඟ නැති ව ගෙවෙන
දිගම තත්පර පවා
ගෙවා දමන හැටි..
කියා දෙනවද
මුහුදු හතක් දුර ඉන්න
ඔයාගෙ උණුහුම මට
මෙහෙම දැනෙනෙ හැටි..
කියා දෙනවද
ඔයාගෙ හඬ නොඇසෙන දුරක හිටියත්
ඔයාගෙ හඬ මගෙ
දෙසවනේ රැදෙන හැටි...
කියා දෙනවද
මේතරම් ආදරයක් දෙන්න
ඔයා කොහොම ඉගෙන ගත්ත හැටි...
#මැණික 28/06/2021
නුඹත් හඳටත් වඩා දුරයි මට
අපි ඇවිදගිය මග දෙපස
පාට ලංතෑරුම් එලි...
පුරුදු විදිහට එලිය විහිදුවට
මගෙ හිත පාලුවට ගිහින්
දන්නවද මැණික...
මගෙ හිතට වැටිච්ච එළිය නුඹයි..
. ඉතින් කෝ නුඹ නැතුව එලියක් මගෙ හිතට...
අද නුඹ මගේ ළඟ නැතත්
හදවතේ බිත්තියේ ගලක කෙටූ අකුරක් වගේ
නුඹව... නුඹේ ආදරය...
කැටයම් වෙලා තියෙනව...
මම දන්නව මට නුඹව හිමි නෑ..
නුඹට මාව හිමි නෑ..
අපිට අපි හිමි නෑ..
ඒත් මගෙ හිතත් නුඹෙ හිත වගේ
අහිමි නෑ කියල දැන දැනත්
තවම පෙම් කරනව හරියට
හඳට ආදරය කරනව වගේ...
ලබා ගන්න ළඟා වෙන්න බැරි බව දැන දැනම
පෙම්කරන නුඹත් හඳටත් වඩා දුරයි මට...
#මැණික 11/01/2022
කඳුලු දුටු වැස්ස සිරගතවු සුසුම් ලය මත්තෙ
නිරතුරුව තෙරපෙද්දි...
පියාපත් නැතුවමත් මම නුඹ එක්ක
අතීතෙට ඉගිලෙද්දි...
නුඹ ඇවිත් හොරෙන් හිත යලි යලිත්
අස්වසන්නට සැරසෙද්දි...
වැස්ස නුඹ විතරමයි කඳුලු මගෙ දැක්කෙ
ඇහිදාර හේදෙද්දි...

#මැණික 21/01/2024
උඹට මාව දැන් මැරිච්ච එකෙක්
ජීවිතයෙ කඩතොලු හැදෙන්නෙ......
බිඳුණු බලාපොරොත්තු,
බොඳ වෙච්ච හීන, රිදීම්,බිඳීම්,
මේ හැම එකක්ම නිසා...
එහෙම කඩතොලු වෙච්ච ජීවිතයක්
පැලැස්සතර දාලා හදන්න
ගොඩක් කල් ගත වේවි...
එහෙමත් නැත්තන්
ආයිත් කවමදාකවත්
හදන්න බැරි වේවි...
මම දන්නවා...මගෙ ජීවිතෙත්
එහෙම පැලැස්සතර දාලා
පිළියම් නොකර
කඩතොලුත් එක්කම
දවසක අවසන් වෙලා යාවි....
ඒ කඩතොලු...
පිටින් බලන කෙනක්ට නොපෙනේවී....
ඒත් උඹට පේනවා...
ඔව් උඹ දන්නවා....
ඒ කඩතොලු කවදාවත්
වහන්න බෑ කියලත්..
ඒත් උඹ ඒව හිතෙන්නෙ නැති ගානට
දකින්නෙ නැති ගානට ඉන්නවා...
දන්නවද ....
එතකොට මට දැනෙන හැඟීම...
නෑ උඹ දන්නෙ නෑ...
උඹට දැනෙන්නෙ නෑ...
මොකද....
පණ පිටින් හිටියට....
ටික ටික මැරෙන මාව නොදැනෙන්නෙ...
උඹට මාව දැන් .....
මැරිච්ච එකෙක් හින්දා....
#මැණික12/09/2024
සදාකල්හිම නුඹ මාගේ
එකම ප්‍රේමය
ජීවිතයේ බොහෝ කාර් තූන් ගෙවී ගොස් හමාරය...
බොහෝ අපහසු කාළයන් ද ගෙවා දමා අවසන්ය...
එහෙත් එක් කරුණක් දනිමි...
එදා අද සේම හෙටද හිරු උදාවන බව නියතය...
මේ අහස යට නුඹෙ කොහේ හෝ තැනක
සුවෙන් සිටිනු ඇතැයි සිතමි.....
මතු දිනක නුඹ මා මුණ ගැසේවි යැයිද පතමි....
නමුදු පෙර මෙන් නොව
අප ආගන්තුකයන් වී හමුවෙනු ඇත...
එදිනටද පෙර මෙන්ම ආදරය
නොවපුරන බව දනිමි...
නුඹ සුවඳ....ස්පර්ශය ද අකැප බව ද දනිමි...
එහෙත් පෙර ලෙසම නුඹ සිනහව පමණක්
ඔය මුවෙහි රැඳෙන බව දනිමි...
දැවෙන හදවතෙහි තෙරපෙන හැඟුමන්
සුසුමන් ලෙස පිට කර අප නොහදුනන් සේ
වෙන්ව යන බව ද විශ්වාසය....
නමුදු... හදවතෙහි නුඹ නමට උපන් ප්‍රේමය
කඳුලු කැටව නෙත් අඟින් ගිලිහෙනා බැව් පමණක්
වසන් කල නොහැකිය....
"හිතවත... යලි යලිත් නුඹට කීමට ඇත්තේ...
හිමි නොවුනද අහිමි වුවද
සදාකල්හිම නුඹ මාගේ
එකම ප්‍රේමය ම බැව් පමණක්මය...."
#මැණික 19/06/2024
මගෙ හුස්ම - එපා නුඹ යලි එන්න විටෙක..
හද හැඟුම් සිවුම්ව පිරිමදින්නට හැකි
ලයෙහි ගැඹුරටම කාවැදුණු නුඹ
හරියට නිර් වින්දනයක් වගේ...
තවත් විටෙක, ප්‍රේමයේ උණු සුසුම් පහසින් මත්ව
වියලි කතරකට වැටුණු දිය දෝතක තැවරූ
සිසිලසක් වගේ....
ඔහේ ගලාගෙන යන ජීවිතයට
නුඹ කොහේ සිට සපැමිණියේද නොදනිමි...
කලෙක.... නුඹ මේ ජීවිතයෙහි කොටසක්ව සිටි බවද නොරහසකි....
ආදරය කරන්නට නම් නුඹව සින්නක්කරව ලියා ගත යුතුද
යන වග නොතේරුණද...
නුඹ තනිකරම මගේ නොවන බව
හිත නොපිළිගත් හෙයින්
නිරන්තරයෙන් නුඹ වෙනුවෙන්ම පේ වුණෙමි...
නුඹම නුඹ මගේ පමණක් නොවන බව
පසක් කර දුන් අයුරු අපූරුතම අරුමයකි
එතැන් සිට.... අයිතියක් නොමැති තැන
තව මොහොතකුදු නොරැඳිය යුතු බැව්ද
මවිසින්ම මගේ හදවතට තරවටුකොට පැවසුවෙමි...
කඳුලු පමණක්ම වැගුරූ,
නිදි නොලැබ ගෙවුණු රාත්‍රීන් කොතෙක්ද යන්න අමතකය...
බොහෝ වෙහෙසකර දින ගෙවා දැමූ පසු
අවසන, නුඹව නිදහස් කිරීමට තීරණය කලෙමි..
මා හදවත හා බැඳි සියලු බැඳීම් ද ලිහිල් කොට
මම නුඹව නිදොස් කොට නිදහස් කලෙමි....
දැන් නුඹට රිසි සේ ඉගිල යන්නට අවසරය...
යළි කිසිඳු දිනයක.... මා වෙතට පැමිණීමට
අයැදීමක් හෝ මා නුඹගේ තටු සිඳලන්නට හෝ
උත්සාහ නොදරන බවද පවසමි....
_______________________
"මට දුන්න ඒ ගින්න- දැවූවද
මා බිඳෙන් බිඳ ගිය තැනක නුඹ
යෙහෙන්-සතුටින්ම වැජඹෙන්න නැවතුනද
මගෙ හුස්ම - එපා නුඹ යලි එන්න"

#මැණික 14/08/2024
මතක අතරේ ඇවිදින්න හැමෝටම බෑ
ජීවිතය කියන්නෙ පුදුමාකාර නවාතැනක්.
හැම මොහොතක්ම මතක වලින් පිරුණු අස්ථාවර නවාතැනක්...
අතීතයේ වර් ණ ගැන්වී තිබුණු සමහරක් වීදිවල
බිත්ති අද පුස් බැඳුණු බිත්ති වලින් පාලුවට ගිහින්.
මට මතකයි ඒ හැම වීදියක් වීදියක් ගානෙම
හැම සෘතුවකම මම නුඹත් එක්ක
උදේ හවස සැරි සැරුවා...
අද ඒ වීදි වල මට ඇවිදින්න
නුඹ මගෙ ලඟ නැති වුනත්...
ඒ මතක මේ හැම වීදියකම පිරිලා තියෙනවා.
මට හිතෙන්නෙ මේ හැම දේම
මගෙ දිහා බලන් ඉන්නේ ශෝකාන්විත බැල්මකින් කියලා...
ඔව් උන්ටත් දැනෙනව ඇති මගෙ වේදනාව...
හේතු විරහිතව මගේ හදවත දුකෙන් පිරෙන්නෙ නෑ....
මම දන්නවා ඒ නුඹ මගේ ළඟ නැති වේදනාවට කියලා...
එදා වගේම හෑම සෘතුවකම මම මේ වීදි වල ඇවිද්දට
මට දැන් දැනෙන්නෙ නුපුරුදු හැඟීමක්.
දෙනෝ දාහක් මැද මං
තනිවෙච්ච ජීවියෙක් වගේ හැඟීමක්....
ඇත්තටම තව ජීවත් වෙන්නෙ මොකටද කියලා
හිතෙන වාර අනන්තයි...ඒත්....
මම දන්නෙ නෑ...මට තේරෙන්නෙ නෑ....
මාවත දිගේ සුසුම් හෙලන ,මං වගේ තව උන් ඇති..
මේ නටඹුන් වෙච්ච මතක උන් දිහාත් බලනවා ඇති...
කියලා මම හිත හදාගන්න උත්සාහ කරන වාර අනන්තයි...
හඳ ඇරුනහම අපි දිහා සමහර රාත්‍රීන්වල
බලන් හිටියෙ මේ පහන් කණු බිත්ති විතරක්ම වෙන්න ඇති....
අදටත් හිත් බිඳගත්තු මරණයෙන් අවසන් නොවූ
ප්‍රේමවන්තයින්ගෙ මතක මේ වීදි වල සැරිසරනව ඇති...
ඒ ආත්මවලටත් මට වගේම සැනසීමක් නැතුව ඇති ...
කාලය අපිව සුසුමක්වත් මුණ නොගැහෙන
අන්තයක තනි කරලා....
හමුවීම් , වෙන්වීම් ,බැඳීම් බිඳීම් අතර
මිනිස්සු මොනතරම් අතරමං වෙලාද...
මේ හැම නටඹුමක් අතරෙම තවමත්
නුඹේ කටහඬ පිළිරැව් නැගෙනවා !
මට කෑ ගහලා අඬන්න පුළුවන්....
ඒත් , මං තව එක කඳුළක්වත් මේ ආදරණීය වීදි වල හෙලන්නෙ නෑ..
නුඹ ගැන ඉතිරි වුන හැම මතකයක්ම ,
නුඹෙ සුවඳ එකම එක සුසුමකට මුහු කරලා
මේ නගරයේ මං තියලා යන්නම්...
දන්නවද...
"මතක අතරේ ඇවිදින්න හැමෝටම බෑ....”
#මැණික 25/05/2024
ප්‍රේමයේ Expiry date එක ප්‍රේමයෙත් කල් ඉකුත් වෙනවද?
ප්‍රේමයටත් අනිත් හැමදේකටම වගේ Expiry date එකක්
තියෙනවා කිව්වොත්
ඔබ මොකද හිතන්නෙ? බලා හිඳීම ,දරාගැනීම, ඉවසීම
මේ හැමදේම ප්‍රේමයේ සංඝඨක,
ඒ සංඝඨක වල වෙනස් වීම් සිද්ධ වෙච්ච දවසට
ප්‍රේමයේ කලිකුත් වීමේ දිනය සටහන් තබනවා
"නුඹ තමයි මගේ ජීවිතය...මගේ හැමදේම...
නුඹ නැතුව ජීවිතයක් නෑ " කියන තැන ඉඳන්......
"නෑ නුඹ නැතුව මට ජීවත්වෙන්න පුළුවන්" කියන තැනට
කෙනෙක් වැටෙන්නෙ..ඒ තරමට හිත දැඩි කරගන්නෙ.....
අන්න ඒ ප්‍රේමය කල් ඉකුත් වෙච්ච දවසටයි....
දන්නවද ....?
ඒ සිතුවිල්ල හරි ප්‍රබලයි
එහෙම දැනිච්ච මොහොතෙ ඉඳන්
හදවත ක්‍රියාත්මක වෙන්නෙ මට නුඹව එපා කියන තීරණයම
තව දුරටත් හිත තුල ක්‍රියාත්මක වෙන්න
මිනිස්සු වෙච්ච අපි හැමදාම හෙව්වෙ
පැතුවෙ තමන් මත්තෙම නහින ප්‍රේමයක්....
සමහර වෙලාවට පස්සෙන් පන්න පන්න ඉල්ලුවෙ
තමන් වෙනුවෙන් අනිකාගෙන් කාළයක් අවදානයක්,
එහෙම ගිහින් ප්‍රථිපලයක් නොලැබෙද්දි,
බැඳීම් හැමදාම දුන්නෙ දුකක් කියලා තේරුම් යද්දි ,
අත් හැරීම සැනසීමක් බව වැටහෙද්දි
වෙන්නෙත් ප්‍රේමය කල් ඉකුත් වෙන එක....
ඉතින් ප්‍රේමයට කල් ඉකුත් නොවී තබාගන්න උත්සාහ කරන්න
අනිත් කෙනා වෙනුවෙන් කාළයක් දෙන්න,
වචන වලින් හිත් නොරිදා ආදරයම විතරක් පුරවන්න...
මතක තියාගන්න....
සමහර අහිමිවීම් මුලු ජීවිතයම අහිමි කරනවා...
ඒ හිමිවීම් ඔයාට ආයෙ කවමදාකවත් නොලැබෙන්න පුළුවන්
අන්න ඒ නිසා නොසලකා හැරීම්
නොවෙන්නට වගබලා ගන්න
එහෙම වුණොත් ප්‍රේමය කිසිමදාක කල් ඉකුත් නොවී තියේවි.....
"මේ #forget me not මල් ඉත්ත නුඹට" මාව හැමදාටම මතක හිටින්නට

#මැණික 23/11/2023
ජීවත් වෙන්න
බලාපොරොත්තුවක්
කඳුලු____
සඟවන්න බැරි නිසාම නෙත් අගින් හිලිහුනා...
සිනහව_____
නගන්නට අවැසි මුත් ආයාසයෙන් සැඟෙව්වා...
හුස්ම_____
අතාරින්න බැරි නිසාම සමහරක් දෙනා ජීවත් වුනා...
බැඳීම්_____
අයිති නැති වුනත් හරි පරිස්සමෙන් රැකගත්තා...
මතක_____
මැකේවි යැයි බියෙන් පරිස්සමට රාමුවක රැඳෙව්වා...
සුසුමක්_____
වැටෙන හැම මොහොතකම තවම ජීවත්වෙන බවට සලකුණු තිබ්බා...
ඇත්ත...
"මිනිස්සු හැමදාම,හැමතැනදිම හෙව්වෙ...
තව මොහොතක් හරි සතුටින් ජීවත් වෙන්න
බලාපොරොත්තුවක්- විතරමයි...."
#මැණික 22/07/2024
නුඹම පමණකි සැනසුම සිනහවක සළකුණු මැකීගිය නුඹෙ වත...
දකිද්දි සත්තමයි පැලෙනවා මගෙ හද...
වසන්කොට මුවෙන් බස් ගොලුවෙද්දි නුඹේ හඬ...
දෙසවනට අගුලුදා යැයි හැඟේ දහස් වර...
ජීවිතේ බොහෝ තැන් වැරදුනත් සියක් වර...
නුඹම පමණකි සැනසුම මා නිව්ව හැමවර...
මතකයක් වී නුඹත් ගියත් මා අතහැර...
දෑස් මගෙ සොයන්නෙම නුඹෙ රුවයි මගෙ පිංසර...
"ඉතින් එහෙනම් නවතිමි ...
තුටින් නුඹ ඇතයි සිතමි හුස්ම ඇති තුරුම...
හදින් පිටමන් නොකරමි "

#මැණික 04/01/2024
තුරුලේම රැඳියන් හුස්ම මගෙ නිමවෙද්දි
නෙත වැගුරු කඳුලු එක්කම හදවත ඉකිබිඳිද්දී
මතක එක්කම අතීතය යලි යලිත් සිහියට නැගෙද්දි
කියන්නට බොහො දේ ඇතත්
නුඹ ලඟ නොමැති බව දැනෙද්දි
දන්නවද......
දැවෙනවා මුලු ආත්මයම
නුඹව මට සිහි වෙද්දි.....
බොඳව ගිය හීන ගානෙම නුඹවම මැවි මැවී පෙනෙද්දි
ඇවිද ගිය මාවත්වල නුඹ නැතිව පියවර තබද්දි
පාලුවෙන් තනිකමෙන් දිනෙන් දින ජීවිතය ගෙවෙද්දි
දන්නවද......
හිර වෙනව හුස්මත්
නුඹව මතකයට නැගෙද්දි
ඉඳ හිටකවත් නුඹ ගැන කවියක් නොලියවෙද්දි
හිතේ බර වැඩි වෙනව මට නොදැනි නුඹ සිහියට එද්දි
සංසාරෙ කොහේ හෝ මතු භවෙක ඉපදෙද්දි
තුරුලේම රැඳියන්
හුස්ම මගෙ නිමවෙද්දි..
#මැණික 22/11/2023
අම්මි තුරුලෙම ඉන්න
සුදු මැණික එපා නුඹ ඉක්මනින් ලොකුවෙන්න
පුංචියක් හුඟක් කල් අම්මි තුරුලෙම ඉන්න
මේ සිඟිති දඟකම් ආදරෙන් විඳගන්න
අනේ හැකිනම් මටත් කාළය නවතාලන්න...
අම්මි අත අල්ලන් වැටි වැටී නැගිටි නුඹ
දැන් තනිව ඇවිදගෙන යන අයුරු
දකින සඳ මගේ නෙත් තෙමී යයි තුටු කඳුලු පිරී අද
එපා තව ලොකු වෙන්න අම්මි තුරුලෙම ඉන්න...
අක්කාට තුරුලු වී නංගි හරි ආදරෙන්
කෙලි දොලෙන් ගෙවන විට දවස එක් වී තුටින්
අම්මි ළඟ නැති කලක වුව මෙලෙස සමගියෙන් හිඳින්
ඔබ දෙදෙනාම වෙලී සොහොයුරු පෙමෙන්...
ලොකු වෙලා මතු දිනක අකුරු කර මනාවට
වෙමින් හොඳ මිනිසෙක්ව නුඹ උපන් දේශයට
කල යුතුය සේවයක් රටට ආගම දැයට
දැකීමයි මගෙ පැතුම දරුවනේ මතු දිනක...
මගෙ පැට්ව් දෙන්නාට ආදරෙන් #අම්මා
අනන්තයක සුවශීත ඍතුවේ රාත්‍රියක වෙහෙසකර රැයක...
ඇල්මැරුණු හිතයට තෙරප එන රස නහර පුරවන්නට
ආසාවෙන් නුඹ හිඳී බලාගෙන....
නුඹ දැවටෙයි ගත හිරිගඩූ පුප්පවමින්...
මනානන්ද නාරිය උලුප්පමින්...
අසිහියකින් වුව ලප් තැනම ලොප්වෙති හිත.... .
ෆැන්ටසියක මානසි සිහිය විකල් කරගෙනම...
දිගහැරුනු කේශනාලිකා පුරවනම රුහිරයන්...
හෙමි හෙමින් කැලතෙනව දකින්නට සුර විමන්....
රක්තවන් තොල් අගට නොහොබිනා හැඟුම් මතින්...
සියොලඟම වෙළුනි පිපාසිත උන්මත්තක සිතින්...
මෑත්කොට දුහුල් සලු රලු දෑත් අගින්...
අනන්තයක සුව වින්දෙමි මා නුඹ ගතේ උණුහුමින්...

#මැණික 08/09/2021
මම ආසම ඔයාට ආදරේ කරන්න
මම ආසම ඔයාට ආදරේ කරන්න..
ඔය ඇස් දිහා තොල් දිහා මුලු මූණම දිහා...
එක දිගට බලාගෙන ඉන්න...
ඒ ඉන්න ගමන් ඔයාගේ තොල් සිපගන්න..
මෘදු හාදුවකින් සීතල දෙකොපුල් උණුසුම් කරන්න...
නුඹේ කෙස් රොද යටින් මගේ ඇඟිලි තුඩු යවා පිරිමදින්න...
නලලට නලල තියාගෙන නහයට නහය වද්දගෙන
කිචි බිචි හිනාවක් දාන්න...
තරු පිරුණු අහසක් යට තණ බිස්සෙ වැතිරිලා
තරු ගනින්න...
හීනීයට වැසිවසින මොහොතක අත් පටලවාගෙන
වැස්සෙ තෙමෙන්න...
ඉර බහින මොහොතක මුහුදුවෙරලක
ඔයා එක්ක තනිවෙන්න...
රෑ එළිවෙනකන් ඔයා දිහා බලාගෙන
ඔහේ කියවන්න...
සනීපෙට නිදාගෙන ඉන්න ඔයාගෙ ඇස් ඉඹින්න...
ඔයාව බදාගෙන ඔයාට තුරුලුවෙලා...
දවසක් උනත් ඔයා එක්ක ගුලිවෙලා ඉන්න..
මම ආසම ඔයාට ආදරේ කරන්න...
#මැණික
හදවතේ නැගෙන සුසුම් සුසුම් හරි බරයි !
හැඟීම් හිර කරන් ඉන්නවට වැඩිය...
හැගීම් පිට කලත් හිත මෙච්චර බර ඇයි?
සමහරවිට....
හැඟීම් පිට කලත්...
හදවතේ නැගෙන සුසුම් තවමත් බර නිසා වෙන්නට ඇති... . . .
ඒ සුසුම් ඇතුලෙ නුඹ.....
තවමත් ඉන්න නිසා වෙන්නට ඇති...!

#මැණික 23/02/2024
නිවන තැන නුඹ
විඳවන
ලතවෙන
බිඳෙන සිත
සැණසෙන
සුවවෙන තැන
නුඹ...
දැවෙන
තැවෙන
හඬන සිත
නිවෙන
නිවන තැන
නුඹ...
#මැණික
පැතුම නුඹමයි මහද සනසන...
හිත නිවෙන සැනසෙන
මුව පුරන සතුට දනවන
මගෙ අරුම ලොවම පුබුදන
සිනාවකි ඔබ මහද සනසන...
පොපියන දෙතොල් මත්කරන
සුසිනිඳු කොපුල් රතු කරන
දෙනයන මගේ පිනවන
උණුහුම ඔබයි ගතම සනසන...
සිහිනයක මගෙ නිතර රැඳවෙන
සිත තුටින් නිති මහද මත්වන
සතුට දනවන සිනහ ගෙන්වන
පැතුම නුඹමයි මහද සනසන...
ආදරෙන් මා මුව සිඹින
ප්‍රේමයෙන් මා මත්කරන
ස්නේහයෙන් මා සනසවන
ජීවිතය නුඹයි මා පතන...
#මැණික
ජීවිතයේ මා ලද ආඩම්බරකාර ප්‍රේමය
පෙරදිනක නුඹේ හදවත..මා හට සින්නක්කරව
ලියා දුන් බව මතකද....
එතැන් පටන්... නුඹ මගේ සතුට ළඟ සැනසුනේය...
දුකේදී මා සමඟ දුක බෙදා ගත්තේය...
මගේ නපුරුකම් ඉවසුවේය..
හිතුවක්කාරකමට සැර වූවේය...
එහෙයින් ජීවිතයේ මා ලද
ආඩම්බරකාර ප්‍රේමය නුඹ යැයි පවසමි...
නුඹ මා හට අසීමිතව ප්‍රේම කරන බවනම් සැබෑය...
මා දෙස බලන දෑසකට පවා රවනා
නපුරු ප්‍රේමය ද නුඹමය..
මගේ ශක්තිය නුඹය..
මගේ කඳුළු ළඟ සැසලෙන මගෙ සිනහවෙදි තුටු වන
පියෙකු සේ මා රකින...
ආත්මාර්ථකාමී ප්‍රේමය ද නුඹමය...
නුඹෙන් බිඳකුදු ඈතට නොයනට
නුඹට පමණක් පෙම් බඳින්නට..
නුඹටම බැඳී ඉන්නට...
මා වශී කරගත්..මායාකර ප්‍රේමය ද නුඹමය...
නුඹ දන්නවාද..
මේ පපුවෙන් අවසන් හුස්මත් ගිලිහෙන්නට මත්තෙන්
මා දකින්නට පෙරුමන් පුරන
දෑස නුඹේය..
මගේ අවසාන ප්‍රේමය ද නුඹය..
සංසාරික ප්‍රේමය ද නුඹය..
නුඹ විතරමය...
#මැණික 20/01/2023
ඒක මහා පුදුම බැඳීමක්....මගේ හිත හැම මොහොතකම
හිතන්නෙ ඔයා ගැන...
ඉල්ලන්නේ ඔයාවම විතරයි...
මගේ මේ දෑස් හොයන්නෙම ඔය රුව...
මගේ මේ දෙසවන් අහන්න කැමතිම ඔය හඬ...
මගේ දෙකොපුල් පතන්නෙම ඔය දෙතොල්...
මගේ ගත විඳින්න කැමතිම ඔබේ ස්පර්ශය...
මම මුලු ලෝකයම අමතක කරලා
ඔයා ගැනම හිතනවා...
ඇත්තටම ඒ ඔයා මගේ ලෝකයම කියලා
මට දැනෙන නිසා...
ඔයා මගේ ආදරය...ඔයා මගේ ජීවිතය...
ඔයා නොදන්නවා ඇති මම ඔයා ගැන කොච්චරනම්
හිතනවද කියලා....
ඔයාව කොයි තරම් නම්
විශ්වාස කරනවද කියලා....
ඒක මහා පුදුම බැඳීමක්....
ඇත්තටම ඒ තමයි මගේ ආදරය....

#මැණික
සත්තයි මං හොයාපු ජිවිතේ
මගේ දිවියට අරමුණක් ගෙනාපු...
දගකාර කතාවෙන් මසිතේ ලැගුම් ගත්...
ඒ දගකාර හිත ඔබෙයි..
ජිවීතේ මං හොයාපු...
සොදුරු බස් නිරතුරුව තෙපලාපු...
මාහදේ නිරතුරුව ලගුම්ගත්...
දයාබර හිත ඔබෙයි ...
මා සැමදා පතාපු...
දෙතොලින් මා සිත් පදවැල් ලියාපු...
තුරුළු වී ආදරෙන්
නළලතට හාදු දුන්...
ඔබ මගේ ජිවිතේ ...
සත්තයි මං හොයාපු...
ඈතින් උන්නත් ඔබ මා වෙතින්...
මොහොතක් වෙන් නොවෙයි ඔබ...
ඔබ සැමදා මගෙමයි...
මා සිතින්..
මා හදවතින් පතාපු...
#මැණික
මට ඕනෙ ඈත්වෙන්න...
මට ඕනෙ ඈත්වෙන්න...
රිදෙන...
බිඳෙන..
වැලපෙන...
තැවෙන..
ලතවෙන..
දැවෙන..
මේ හැම දෙයින්ම...
මිදීමක් තියෙන්නෙ එතකොට....
විඳවීම නැති වෙන්නෙ එතකොට....
ඒත් මම කොහොම
නුඹෙන් ඈත් වෙන්නද...
"මොහොතින් මොහොත...
තත්පරෙන් තත්පරේට...
මම නුඹට ලං වෙනකොට..
මගෙ මුලු ජීවිතේම නුඹ වෙච්චිකොට...
හිතන්නෙම පතන්නෙම
නුඹ ගැනම වෙනකොට....
මේ හැම දෙයින්ම
තව තවත් රිදෙන බව දැන දැනම
මම නුඹවම වැළඳගන්නෙ.....
සංසාර පුරුද්දට වෙන්න ඇති...."
#මැණික 25/07/2021
හොඳ සවන්දෙන්නෙක්...
අපි හැමෝටම ඕනෙ අපි ළඟ ඉඳන්
කියන දේවල් අහගෙන
ඉන්න පුලුවන් හොඳ සවන්දෙන්නෙක්...
මහා ගොඩක් දුක දැනෙන දවස්වල,
හිතට සනසවන්න
පුලුවන් කෙනෙක්,
ජීවිතේ ඇතී කියල හිතෙන මොහොතක
නවතින්න නොදී තව දුරක්
අතින් අල්ලගෙන යන්න පුලුවන් කෙනෙක් ,
මහන්සි දැනෙන දවසක
සිහිල් පැන් පොදක්වගේ
හිත සනසවන්න පුලුවන් කෙනෙක් ,
තනියක් දැනෙන හැම මොහොතෙම
ළඟින් ඉන්න පුලුවන් කෙනෙක්
අඬන්න ඕන වෙලාවට
උරහිසේ රඳවාගෙන
හිස අතගාන්න සනසවන්න
පුලුවන් කෙනෙක්
කවුරුවත්ම නෑ තනිවෙලා කියලා
හිතන මොහොතක
"ඔයා තනි නෑ ඕනම දේකට මම ඉන්නවා "
කියලා ශක්තියක් දෙන කෙනෙක්
ජීවිතයේ වටිනාකම දනවන්න පුලුවන් කෙනෙක්
ජීවත් වෙන්න ආසාව
බලාපොරොත්තුව ඇති කරවන කෙනෙක්
කෙනෙක්ගෙ ජීවිතයට
බලාපොරොත්තුවක් ගේන්න හැමෝටම බෑ...
ඔයත් එහෙම කෙනෙක් වෙන්න
#මැණික 15/02/2023
උදාවන හැම දිනක
මගෙ පැතුම තුරු වදුල පිස හමන සුළන් පොද නුඹ තමයි...
පාවෙනා වළාකුලෙ රැදෙන්නෙත් නුඹ තමයි...
පිපෙන හැම මලකමත් සුවඳ පොද නුඹ තමයි...
ගලන දිය පොදක රැදි සිසිලසත් නුඹ තමයි...
හිනාවෙන ඇස් අතර ඉන්නෙමත් නුඹ තමයි...
කතාවෙන තොල් අතර මුමුණන්නෙ නුඹ ගැනයි...
වැටෙන හැම හුස්මකම පණ නලත් නුඹ තමයි...
හැමදාම එදාමෙන් මගෙ පෙමත් නුඹ තමයි...
ලියන හැම කවියකම පද වැලත් නුඹ තමයි...
සිතන හැම සිතිවිල්ලෙ ඉන්නෙමත් නුඹ තමයි...
උදාවන හැම දිනක මගෙ පැතුම නුඹ තමයි...
හැමදාම හැම මොහොතෙ ඕනෙමත් නුඹ තමයි...

#මැණික
යන්න ආව අය යනවමයි දන්නවාද බැඳුන නිසාම රිදෙනව
හදවත් මහ ගොඩක්....
රිදි රිදී විඳවනකොට
විඳවන හිත්ම තමයි දන්නෙ
වේදනාවෙ තරම....
දමා යන හැම වෙලේම
අල්ලගෙන බලෙන්
රඳවන්න හැදුවත් හැමදාම....
යන්න ආව අය යනවමයි
දවසක නවතන්න බෑ
ඒ තමයි දෛවයේ සරදම...
නොදනිමි...
කොහොම කෙලෙසක
දුක වාවාගත්තද
නුඹ මා දමා යන්නම යන්න ගියදාම...
මැණික,
නුඹ දන්නවා නම් නුඹ නැතිව
හිත රිදෙන තරම
සත්තමයි නුඹ දමා නොයයි හැරදමා මෙහෙම
මට බැරි වුණත් මේ භවේ
නුඹෙ හුස්ම පොදෙ මෙන් රැදෙන්න
පතමි මතු උපදිනා හැම භවයෙ
නුඹ තුරුලෙම මියදෙන්න

#මැණික 20/02/2023
සීතල ලන්ඩනයේ තවත් එක් සන්ධ්‍යාවක්...
ඉර අවරට යද්දි මංදාරම් අහස දම්පාට වලාවකින් වැහෙද්දි
මට මතක් වෙන්නෙ නුඹව..අපේ ගෙවුණු අතීතය..
මම දන්නව ඒ අතීතෙට ආයිත් යන්න පුලුවන් වුනාට
මට උඹව ආයිත් හිමිකරගන්න බෑ කියල...
හිත බර වෙනවා...මේ සුසුම් හිතට හරි බරයි...
මම ඒ සුසුම් අහසට මුදා හරිනවා...
මම දන්නවා...උඹත් මේ අහසෙම යට
කොහේ හෝ ඉන්නව කියලා..
මගෙ සුසුම් උඹෙ සුසුම් එක්ක
හරි මොහොතකට මුසු වෙනව නම්...
නිල් අහස මේ විදිහට දම්පාට වුනේ..
ප්‍රේමය බිඳුණු පෙම්වතුන් සියදහසකගෙ
සුසුම් එකතුවෙන්ද කියල මට හිතෙනව...
ඒ සුසුම් අහසට බර වැඩිවෙද්දි
මහා වරුසාවක් වෙලා කඩා හැලෙනව ඇති..
ප්‍රේමය.... අකුරු තුනක අරුම වචනය...
ඇරබුමක් පමණක් ඇති
අවසානයක් නැති හැඟීම් ගොඩක එකතුව...
මම අද විදින්නෙ ඒ වේදනාව...
ඔව් ප්‍රේමය මගහැරුණු වේදනාව...
සීතල හුළඟ මුහුණෙ තැවරෙද්දි මට උඹව දැනෙනව...
හිතේ වේදනාව මේ හුළඟට මුහුවෙලා
විරහ ගීයක් මුමුණනවද කියල මට හිතෙන්නෙ
උඹ මගේ ළඟ නැති නිසා වෙන්න ඇති...
නොදෙනිම ඇස් කෙවෙනි අගින්
කඳුලු බින්දුවක් සීතල දෙකම්මුල් මතින්
රූරා වැටෙද්දි මට මතක් වුණා
උඹ දවසක් කිව්වා
"ආදරය කියන්නෙ හිත ඇතුලෙ පරිස්සම් කරන එක කියල"
ඇත්ත මේ දියවෙලා වැටෙන්නෙ
උඹ වෙනුවෙන් පරිස්සම් කරන ආදරය...
ස්නේහය වෙන්න ඇති...
මම දන්නව මට දැනෙනව
"මම තාමත් උඹට එදා තරමටම ආදරේ බව”
ඇත්තටම... "
ප්‍රේමයට තියෙන්නෙ ඉපදීමක් විතරමයි...."
#මැණික 14/03/2022
මට බැරිවෙයි නුඹ ළඟ නැතිදාක තවත් හුස්ම ගන්න.
දන්නවද මැණික..නුඹ ජීවිතයට ආව දවසෙ ඉඳන්
නින්දත් කොහේදෝ ගිහින්..
හැම රැයේම අවේලාවෙ අවදිවෙන එක පුරුද්දක් වෙලා..
හදිස්සියෙම උදේට එහෙම ඇහැරෙන වෙලාවට
මුලින්ම කරන්නෙ කරුවලේම අතගාලා
ෆෝන් එක හොයා ගන්න එක..
හිත ගැහෙනව ඒ වෙලාවට හේතුවක් නැතිවම..
නුඹෙන් ගුඩ් මෝනින් මැසේජ් එක ඇවිත්..
ලස්සනම ඇමතුමක් එක්ක..
දන්නවද මේ හිතට දැනෙන සැනසුම එතකොට..
එහෙම දවස පටන් ගන්න ආසයි...
එහෙම මැසෙජ් එකක් නැති දවසට හිත හරි නොසංසුන්..
නුඹ කොහේ යන්න ඇතිද මොනව කරනව ඇතිද..
දාහක් ප්‍රශ්න..
මට බය කවද හරි දවසක ඒ මැසෙජ් එක ආයිත් කවමදාකවත්
නොඑන්නම නවතීද කියන එක..
එදාට මේ හුස්මත් නවතීද කියල බයයි මට...
අපි රණ්ඩු වෙනව තරහා වෙනවා..
ඔයා කියන වගේ මට
රන්ඩුවක් වුනේ නෑ කියන්නෙ කෑවෙ නෑ වගේ ලුනෙ..
එහෙම රන්ඩු වෙවී ගෙවිච්ච
මේ කාලය දුක සතුට මැදින් ගෙවුනත්
මම සතුටු වෙන්නේ නුඹේ වචනයකින් හරි
මම නිවෙන නිසා..
කතා කරද්දි මට සැනසෙන්න තරම්
ඒ කටහඩට මම ලෝභ නිසා..
ඒ හඬට මගෙ ආත්මයම සනසන්න පුලුවන් නිසා..
මට බැරි වෙයි නුඹ මගෙන් ඈත් වෙනකොට
දරාගෙන ජීවත් වෙන්න...
මම නුඹේ ආදරයට නුඹට ඇබ්බෙහි වෙලා ඒ තරමටම..
නුඹ නැතුව බැරි වේවි තවත් පණ දෙන්න මේ ජීවිතයට...
මම කැමතී නුඹ කියවනවට..නුඹේ නපුරුකම් වලට..
නුඹ බනිද්දි අහගෙන ඉන්න
ඒ කොහොම වුණත් අන්තිමට
"මට සමාවෙන්න මගෙ මැණික"
කියන වචන ටික අහන්න...
මගෙ හැමදේම දරාගෙන
හැම අඩු පාඩුවක්ම පෙන්නගෙන මාත් එක්කම ඉන්න...
මට බැරිවෙයි නුඹ ළඟ නැතිදාක
තවත් හුස්ම ගන්න...
#මැණික 24/02/2022
ආදරෙන් බැඳෙමි ආත්මය පුරාවට
ආදරය කරමි
ඔබේ ඔය හිනාවට...
ආදරෙන් බැඳෙමි
ඔබේ දෙතොලත අතර..
.
ආදරය කරමි
ඔබේ ඔය කතාවට...
ආදරෙන් බැඳෙමි
ඔබේ ආදර වදනට...
ආදරය කරමි
ඔබේ ඔය සුවඳට...
ආදරෙන් බැඳෙමි
ඔබේ ආත්මය පුරාවට...
#මැණික
හැමදාම මගෙම වෙන ආදරය ඔබ වෙන්න
සිතුවිල්ල හද රැඳුන
සිහිනයද ඔබ වෙන්න
නොනිඳනා නෙත් අගට
සැනසිල්ල ගෙන එන්න
මල් සුවඳ මුසුව එන
පවන් රොද ඔබ වෙන්න
ගත වැදී සනසන්න
මසිත පුබුදා ලන්න...
හදවතම සනසනා
සත්සරය ඔබ වෙන්න
ගීතයක් වී හදේ
ගැඹුරු තැන නවතින්න...
හැමදාම මගෙම වෙන
ආදරය ඔබ වෙන්න
පණ ගැහෙන හදවතේ
හුස්ම පොද වී ඉන්න...
#මැණික
දවස දැන් හරි දිගය... මේ ගෙවෙන්නෙ ගෙවාදමන්නට
අපහසුම දින ගණනකි..
නුඹ නොමැතිව මට පාලුය..තනිය..
දවස දැන් හරි දිගය...
පැයෙන් පැයට ගෙවුණ දවස
තත්පර වලින් ගෙවෙද්දි
පපුවට දැනුන මට...
සත්තකින්ම.... කොච්චර දිගද
දවසක් නුඹ නැතුව
ගෙවෙද්දි ...

#මැණික 13/02/2022
එතකොට ඒව මගේ තමයි හැමදාටම…
මගේ වෙන්නෙත් නැති..
මගේම කියා කියන්නත් බැරි..
මගේම කරගන්නත් බැරි..
මට අයිතිත් නැති…
සමහර දේවල්..
හංග ගන්නව මං..
හදවත පතුලෙම..
කාටත් නොපෙනෙන්නම…
එතකොට ඒව.. මගේ තමයි..
හැමදාටම…
#මැණික 09/02/2022
නිල් මැණික නුඹ සිත් විල මත පිපි කුසුම නුඹ
නිල් නෙතු මත රැදි රුව නුඹ...
හිරු රැස් මට දුන් එළිය නුඹ
තරු අහස යට දිලෙන සඳ නුඹ...
සිතම සනසන සිතිවිල්ල නුඹ
ගතම සනහන සෙනෙහෙ විල නුඹ...
පිපාසිත දෙතොලත රැදුන දෙකපුල් නුඹ
මටම හිමි ඒ නිල් මැණික නුඹ...

#මැණික
"ආදරණීය නුගේගොඩ"
මේ තරම් හමුවීම් මේ තරම් වෙන්වීම් මේ තරම් මතක
නුඹ තරම් කාටවත් හමු වෙලා නැතුව ඇති
නුඹ තරම් කවුරුවත් නොදන්නවා ඇති
සිනහවෙ කඳුලෙ ලෙන්ගතු බව
නුඹ තරම් කවුරුවත් නොහඳුනනව ඇති
ඔහේ ඇවිද ගිය අපේ පා සටහන්
නුඹට බරක් නොවෙන්නට ඇති
අදටත් දකිද්දී අදටත් මතක් වෙද්දි
පපුව පිච්චෙනව සත්තකින්ම
"ආදරණීය නුගේගොඩ"
නුඹ තරම් සමීපතයෙක් තවත් නැතී....
#මැණික 22/02/2022
ඉතින් වෙන කොහෙද සතුටක්
නුඹයි මගෙ හුස්ම
මගෙ ජීවිතය හා සමවෙච්ච…
නුඹෙයි ඒ සුවඳ
මගෙ ආත්මය වෙලාගත්ත…
නුඹෙයි ඒ හදවත
නිරන්තර සෙනෙහසින් උතුරන..
නුඹෙයි ඒ උණුහුම
හැමදාම මම පතන...
ඉතින් වෙන කොහෙද සතුටක්
නුඹ ළඟම මිස මට..
#මැණික 03/02/2023
නොදැනෙන නමුත් ආදර කවි මේකාටඅදටත් ඉඳ හිටල
තනි වුණ විට රෑට....
හිතට හොරා කවි ලියැවෙයි
මට ඔහුට...
නොදැනෙන නමුත් ආදර කවි
මේකාට...
අඩුවෙනවාද හිත තුල ඇති
පෙම් පාට...

#මැණික
නුඹම පමණයි මටම ඕනෙ
එපා ඉවතට යන්න දුරකට
මගෙන් වෙන්වී හීනෙකින්වත්...
එපා දෙන්නට දුකක් නම් මට
නැහැනෙ මට නුඹ නැති ලොවක් දැන්...
නුඹම පමණයි මටම ඕනෙ
ළඟින් ඉන්නට මියෙන තුරුමත්...
පතමි උපදින හැම භවයකදිම
නුඹේ වන්නට සදාකල් මන්...
#මැණික
මගහැරී ගිය පරණ ප්‍රේමයක
හුරුපුරුදු සින්දුවක් ඇහුණත්
හිත දුවනකොට අතීතෙට...
අදටත් සුසුමක් හෙළනව
දුකට නොව දැන් පුරුද්දට...
සිහි වුණත් සුන්දර නමුත්
හිතට දැන් අයිති නැති මතකයට...
අදටත් හරි ආදරෙයි මං
නුඹට නොව නුඹ දුන් ප්‍රේමයට...
හුගක් කල් ගත වෙලා දැන්
නැවතිලා මමත් වෙන ලෝකයක...
නුඹත් වෙන කාගෙ හරි ළග දැන්
නතර වී ඇති අලුත් හීනයක...
හමු වෙලා වෙන් වෙලා ගියත් අපි
ජීවිතේ තවත් එක කාලයක...
මතකයන් අදත් හරි සොදුරුයි
මගහැරී ගිය පරණ ප්‍රේමයක.
#මැණික
ඔබ මගේමය මාද ඔබේමය
ඇසුනි නුඹ හදවතේ රිද්මය
දැනුණි හදවතෙහි ප්‍රේමය...
අවදි කර මා හදේ විවරය
වැයුවා නුඹ සෙනෙහසේ ගීතය...
හදේ තත්සර විවර කරමින්
වැයෙන හදවතේ ගීතෙන්...
මත්වුනිය මා නුඹ ස්නේහෙන්
වෙලුණි තව තවත් ප්‍රේමයෙන්...
මහද ඉපිලී තුටින් සෙනෙහෙන්
ඔබට බැඳි ප්‍රේමයේ නාමෙන්..
වෙලෙමි ඔබමත නිරන්තරයෙන්
අසීමිත ආදරෙන් බැතියෙන්...
එදත් අද මෙන් සදාකල්හිම
නුඹය නුඹමය මහද හිමිසඳ...
හෙටත් මතුවට මියෙන තුරුමද
ඔබ මගේමය මාද ඔබේමය...
#මැණික
සොරා ගති ලය මඩල
සිනා පිරි මුව කමල
වසා මා සිත් මඩල...
සෙනෙහෙ රැදි නෙත් සඟල
සොරා ගති ලය මඩල...
දෙකපුල් හැම රැයම
සතපා තොල් මතින...
දුන් සෙනෙහස් අරුම
නිති සුරකින් බැතින...
උණුහුම් හද මඩල
සතපා නුඹ එතන...
සුරකිමි දිවිතෙක්ම
සලකා පණ මෙන්ම...
#මැණික
නුඹ ඇවිත් කොහෙන්දෝ හිත මගේ හොයාගෙන
හිනාවෙන කොඳ කැකුලු පූදින්න
බලාගෙන පිනි වැස්ස හැලුනේම
සිප ගන්න පෙති නහවාගෙන
නුඹ ඇවිත් කොහෙන්දෝ
හිත මගේ හොයාගෙන
කොහොම ඉන්නද ඉතින්
කියන් පෙම හංගාගෙන
හීන මල් එකින් එක
ලය තුරුලෙ පුරෝගෙන
ජීවිතය ටිකෙන් ටික පිය මනිමි
නුඹේ අත දරාගෙන
මේ සසර බොහො දුරක්
මා එක්ක යන්නට සිතාගෙන
මතු මතුත් මගෙ වෙන්න
හැම භවෙම පතාගෙන
"මැණික නුඹයි හුස්ම හැමදාමත්
මම පරිස්සමෙන් රකින"
#මැණික 13/01/2023
නුඹව පමණක් අත් හැර සැනසෙන්නට නොහැක්කේ මන්ද
ජීවිතේ බොහෝ සොඳුරු තැන්
නිරතුරුව මඟ හැරුණද...
විටෙක සිනහ හසරැලි අමතකව
කඳුලු නෙත අග රැඳුනද...
රිදෙන බිඳෙන වදනින්
සිත බොහෝ සේ තැවුනද...
අවසන මේ සියල්ල අත් හැර
සැනසෙන්නට හැකි වුවද...
මට කියාදෙන්න....
නුඹව පමණක් අත් හැර...
. සැනසෙන්නට නොහැක්කේ මන්ද වග....
#මැණික 17/02/2025
කලා නම් පිවිතුරු පෙමක් බලා වරුවක් සැනසෙන්නට තිබුණ නම්,
නුඹේ මුව යලි වතාවක්…
දරා දෝතින් වැලඳගන්නට ලැබුණ නම්,
නුඹව මට තව එක් වරක්…
බදා තුරුලෙහි සැනසෙන්නට වරම් ඇත් නම්,
නුඹේ උණුහුමෙ තව එක වරක්…
හැර දමා මේලෙස නොයයි නුඹ....
කලා නම් පිවිතුරු පෙමක්…

#මැණික 23/06/2022
නුඹ කොහේ උන්නම මොකද
නුඹ කොහේ උන්නම මොකද
නුඹේ හිනා හඬ මගෙ සවන වැකෙන කොට...
නුඹ කොහේ උන්නම මොකද
නුඹ ගන්න හුස්ම මමත් හිමිහිට ගන්නකොට...
නුඹ කොහේ උන්නම මොකද
නුඹේ උණුම මගෙ ගතේ දැවටෙන කොට...
නුඹ කොහේ උන්නම මොකද
මම ඉන්නෙත් නුඹ ඉන්න අහස යට වෙච්ච කොට..
නුඹ කාගෙ උණහම මොකද
ඒ හිත හරි පරිස්සමට මගේ ළඟ තියෙනකොට...
#මැණික 30/06/2021
නුඹයි මැණික මා පැතූ නුඹේ ඇසිපිය ගෙතූ
මගේ සිහිනය පැතූ
හදේ රිද්මය සතූ
නුඹයි මැණික මා පැතූ...
මගේ හදවත පැතූ
සිහිනෙන් පවා සිතූ
ජීවිතයම මා සතූ
නුඹයි මැණික මා පැතූ...
නුඹ තරම් මා පැතූ
කිසිවක් නොව සතූ
උපදින භවයක මතූ
නුඹයි මැණික මා පැතූ...

#මැණික 07/05/2021
නුඹට ප්‍රේමය යයි පවසමි
මා නිවුණු තැන...
ඇසිපිය නොහෙලා නුඹේ දෑස මතම
මා දැස් පැටලුණු තැන...
මා දැවුණු තැන
නුඹෙ උණුහුමේ ගුලිව නුඹේ ස්පර්ශයෙන් නොමිදී
මා නුඹටම නතු වූ තැන...
මා තැවුණු තැන
නුඹේ සුවඳ උණුහුම හෝ ස්පරශය කුදු නොවිඳ
දිවා රැය සුසුම් ලමින් ගෙවුණු තැන...
මා නුඹව විඳි තැන
සුසුමට සුසුමත් හාදුවට හාදුවත්
දෙතොලට දෙතොලත් නතුව
අතොරක් නැතුව සිප ගත් තැන...
සුපෙම්වත...
ප්‍රේමයත් රාගයත් අතර බොහෝ තැන් හිදී
සිහිනෙන් පවා මා නුඹව වින්දෙමි..
ඉඳින්.... දැණුන තැවුණ නිවුණ සියල්ලෙහිම
අන්තර්ගතය නුඹය...
නුඹට ප්‍රේමය යයි පවසමි..
#මැණික 07/04/2023
නුඹට මාව දැනෙනවද චිතකයක් දැල්වෙන සවස් යාමයක
සොහොන් පිටියක මුසුව ඇති
පාලුව කාන්සිය කොතරම්ද..
මගෙ හදවතත් අද
ඒ චිතකයක් දැල්වෙන සොහොන් පිටියක් මෙනි..
පාලුවට ගිය මුඩු බිමක වියලි පත්‍ර
දහස් ගණනක් මත ඔහේ දිගාවී
හිස් අහස දෙස නෙත් යොමමි...
ජීවිතය මොන තරම් හිස්ද...
දෙනෝදාහක් තරු දිලෙන ආකහේ
මට හිමි තරුව සොයන්නට ඇස් වෙහෙසමි.
ඒ තරු අතර මංමුලා වූවා මිස
මට හිමි මගේ තරුව සොයා ගත නොහැකිව අසරණ වීමී.
ප්‍රේමිය...නුඹ කොහිද...?
නුඹට මාව දැනෙනවද...
මගෙ හුස්ම ඉහල පහළ යන හඬවත් නුඹට ඇසෙනවද..
නුඹ මට කොපමණ දුර දැයි මා නොදනෙමි
නමුදු මම නොනවතිමි
නුඹ ඇස ගැටෙන තුරුම මා නුඹව සොයමි...
මන්ද.. ප්‍රේමය නුඹය...
නුඹෙ සුවඳ පමණක්මය...

#මැණික 01/07/2022
නුඹ නමට පිදිච්ච ආදරේ හිතන්නත් බැරිතරම්-ලස්සනට ලියවෙච්ච...
නුඹේ සිත කවියක් ය-ආදරෙන් පිරවිච්ච...
හද මඩල කළබවා-හිත අස්සෙ ගුලිවෙච්ච...
නුඹ මගේ ආදරය -ඒ හිතේ හිරවෙච්ච...
පද අකුරු එකෙනෙකින්-සීරුවෙන් ගැලපිච්ච...
නුඹයි ඒ පදවැල-ආදරෙන් ලියවෙච්ච...
නිරන්තර මගෙ-හිතේ නැගී නැගී මතුවෙච්ච...
සුන්දරම හැඟුමක්ය-නුඹ හිතේ තෙරපිච්ච...
නෙතුළගින් හැමරෑම-ආදරෙන් හිනැහිච්ච...
හුරු පුරුදු රුව වරුණ-නුඹෙයි මා හිතපිරිච්ච...
හැමදාම ළඟ ඉදන්-හිත ළඟම ගුලිවෙච්ච...
ආදරේ සොඳුරුයි මගෙ-නුඹ නමට පිදිච්ච...

#මැණික
මගහැරීම
ඔයාට පුලුවන් ද තොරතෝංචියක් නැතුව
ඔහේ කියවන දේ අහන් ඉන්න..
තරහ ගියත් තරහ නොගෙන ඉන්න...
බනින්න හිතුනත් නොබැන ඉන්න
කම්මැලී කියල කියන වෙලාවට
මොනව ගැනම හරි කියවන්න...
කටින් නොකියන ඒත්
හිතන දේ පවා තේරුම් ගන්න...
අපිට ඕනෙ එගෙම කෙනෙක් නේද...?
අපිව තේරුම් අරන් අපි හිතන විදිහටම
අපිත් එක්ක ඉන්න කෙනෙක්
ඒත් ඉතින් ඇත්තටම
එහෙම අය ඉන්නවද කියන එක තමයි
ඊළඟට අපිට හිතට නැගෙන ප්රශ්නය...
ඇත්තට එහෙම අය ඉන්න පුලුවන් ද..
ඔයාට හිතෙන්නෙ කොහොමද ?
ඇත්තටම එහෙම අය ඉන්න පුලුවන්
බොහොම අතලොස්සක්.
අපි හැමදාම හෙව්වෙ..
හොයන්නෙ අපිව තේරුම් ගත්ත කෙනෙක්ව..
අපිව පොතක් වගේ කියවන්න තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ව...
අපි හරිම අඩුවෙන් කෙනෙක්ට ඇහුම්කන්න දෙන්නෙ..
කෙනෙක්ව තේරුම් ගන්නෙ...
මේ අඩුපාඩුව නිසාම අපිට අපේ ළඟම අයව
අහිමි වෙන අවස්ථා තියෙනව නේද...
අපි ඇහුම්කන් දෙමු පුලුවන් හැම වෙලාවෙම
තව කෙනෙක්ව තේරුම් ගන්න උත්සාහ කරමු..
එතකොට තේරුම් යාවි අපිට කොතනද මගහැරුණෙ කියලා...
#මැණික 17/01/2022
ඔය තුරුලෙ සැනසෙන්න
සොඳුරු මතක තිබුණත්
අදටත් මතක් කර කර හිනැහෙන්න...
සමහරක් මතක තියෙනව
තවමත් හිත රිද්දවගෙන වැළපෙන්න...
නුඹ අතැර ගිය දා පටන්
සිදුවුණත් කඳුළක් එක්ක තනිවෙන්න...
තවම බැරි උනා මට
දුක හිතෙන තැන් අමතක කරන්න...
පුංච් දුකක් දැනුනත්
අඬ අඬා මගෙ දුක කියන්න...
නුඹ උන්නා මගෙ ළඟින්
තුරුලු කර හිස අත ගාන්න...
නුඹේ ඔය උරමඩෙලෙ
දැන් නැතත් ඉඩක් හිස තියන් වැළපෙන්න...
දහස් වර හිතෙනව
දුව ඇවිත් ඔය තුරුලෙ සැනසෙන්න....
#මැණික 20/09/2021
නුඹ මගෙම වේනම්.
සිහිනයක රැඳෙන්නම්
නුඹව මට පෙනේ නම්...
කඳුලු කැට හෙලන්නම්
නුඹ නමින් වැටේනම්...
පපුතුරෙහි රැඳෙන්නම්
ඔය සෙනෙහෙ මගේ නම්...
මග බලා හිඳින්නම්
නුඹ දිනක ඒ නම්...
ජීවිතය ගෙවන්නම්
නුඹ මගෙම වේනම්...
#මැණික
ඇතේනම් යමක් සතු හුස්මටත් සමවේන.. තිබේනම් යම් දෙයක්
මෙලොව තුල සිත නිවන..
හැඟේනම් දුකක්
මට ළඟ ඉඳන් හිස සිඹින..
වැටේනම් කඳුලු කැට
නෙත් අගින් පිසලාන..
ඇතේනම් යමක් සතු
හුස්මටත් සමවේන..
නුඹම පමණයි මැණික
පණ මෙන්ම සුරකින...

#මැණික 27/01/2022
මට කියාදෙන්න
ජීවිතේ බොහෝ සොඳුරු තැන්
නිරතුරුව මඟ හැරුණද...
විටෙක සිනහ හසරැලි අමතකව
කඳුලු නෙත අග රැඳුනද...
රිදෙන බිඳෙන වදනින්
සිත බොහෝ සේ තැවුනද...
අවසන මේ සියල්ල අත් හැර
සැනසෙන්නට හැකි වුවද...
මට කියාදෙන්න....
නුඹව පමණක් අත් හැර....
සැනසෙන්නට නොහැක්කේ මන්ද වග....
#මැණික 17/02/2025
මියැදෙන්න මට සිතේ නුඹ සමඟ මතුදාක
නුඹේ ඔය නෙත්සඟල
සුන්දරයි හැමදාම
සිපගන්න මට සිතෙයි
ළංකරන් පෙරසේම...
නුඹේ ඔය දෙකොපුලත්
සුමුදු දැයි පෙරසේම
බලන්නට මට සිතෙයි
සිපගෙනම සිතුසේම...
නුඹේ රත් දෙතොලතේ
රස පහස පෙරසේම
විඳින්නට මට සිතෙයි
මත්වෙමින් හැමරෑම...
නුඹේ මෘදු ලැමතුරේ
තුරුලු වී රහසේම
මියැදෙන්න මට සිතේ
නුඹ සමඟ මතුදාක...
#මැණික 25/06/2021
මම සත්පෙති මලක්
නුඹ රිදුමක්..
රිදෙන බව දැන දැනම තව තවත් පාරන...
නුඹ කටුවක්..
ඇණෙන බව දැන දැනම රුහිරය ගලන තුරුම රිදවන...
නුඹ සුළි කුණාටුවක්..
විනාශ වන බව දැනම තව තවත් හමා යන...
නුඹ ඉරක්..
හිත් පිත් නැතිව මහපොළව දවා ඉඩෝරය ගෙනෙන...
මම සත්පෙති මලක්...
කිණිහිර මතින් මුකුලිතව ඒ සියල්ල දරා සිටින...
#මැණික 17/02/2022
හදවතට ළඟ ප්‍රේමණීය මතක
ඇත්තටම නුඹ මට බොහෝ දුරයි
ප්‍රේමණීය මතක විතරක්ම
හදවතට බොහෝ ළඟයි...
ඒ මතක ගුලි කරන්
මම තැවුනෙම නුඹ නැතිව පාලුවෙන්මයි
නුඹ ගැනම සිතමින් තැවෙන හිත
විටක හරි කලබලයි...
නමුදු දනිමි ...
නුඹ කොහේ මුත් අප එකම අහසක් යට වග
එකම පොළවක් මත පිය මනින වග
එකම හුස්මම නුඹත් කොහේ හෝ සිට ගන්නා වග
නුඹෙ සුවඳ රැඳි පවන් රොදම මා පිස හමන වග
"මේ පණ කොහේ ගැහුණද....
නුඹට අහසක් තරම් මා ආදරය බැව් ,
නුඹ දන්නා බවද දනිමි"
#මැණික 02/01/2023
නුඹ නිසාවෙන් නුඹ නිසාවෙන් පිපෙමි
නුඹ නිසාවෙන් පිරෙමි
නුඹ නිසාවෙන් හැඩ වෙමි
නුඹ නිසාවෙන් සුවද දෙමි...
නුඹ නිසාවෙන් පිබිදෙමි
නුඹ නිසාවෙන් දිලෙමි
නුඹ නිසාවෙන් එලිය දෙමි
නුඹ නිසාවෙන් නිවෙමි...
නුඹ නිසාවෙන් හිනැහෙමි
නුඹ නිසාවෙන් සැණසෙමි
නුඹ නිසාවෙන් තුටිවෙමි
නුඹ නිසාවෙන් ජීවත් වෙමි...

#මැණික
මට පුලුවනි බලාගෙන ඉන්න
අදත් එදාවගේම...
මතකයන් හද හිරිවට්ටනව..
කඳුලු කැට නෙත් අගින් ගිලිහෙනව..
නුඹේ හඬ දෙසවනේ රැව් දෙනව..
ඒත් කෝ නුඹ....
හේමන්තයේ පිපෙන මල්
ගිම්හානය එනතෙක් බලාගෙන ඉන්නව වගේ
නුඹ එන්නෙ නැති බව දැන දැනත්
හැමදාම මම නුඹ එනකන් මග බලාගෙන ඉන්නව
ඒත් කෝ නුඹ....
හිමිවෙන්න කලින්ම
අහිමිවුණ නුඹව..
කාටත් හොරෙන්
හිතේ ගැඹුරුම තැනක රඳවමින්...
මට පුලුවනි බලාගෙන ඉන්න
සත්තමයි....
මේ භවයෙ නැති වුණත්
නුඹව හිමිවෙනතුරු
මතු සසරෙ කවදාක හෝ දිනක....
#මැණික 04/02/2022
නුඹ වටී ජීවිතෙ තරන්
දුරින් උන්නත් නිතර ඉම්බා
නුඹේ හදවත සත්තමයි
අහිමි වූවත් දැනෙනෙ උණුහුම
හිමිකමක් කිවා ඇත්තමයි
සිහිනෙනුත් ඔය උරතලයෙ සුව
විඳිමි රන්කඳ සත්තමයි
නුඹ තරම් මගෙ හිතට කවුරුත්
ලංවෙලා නෑ ඇත්තමයි
මතක් වෙනකොට සෙනෙහෙ වැඩෙනව
කියා ගන්නට බැරි තරම්
ඇස් පියාගෙන නුඹව විඳිනව
හැම නිරන්තර හැකි තරම්
ලං වෙන්න බැරි දුරින් උන්නත්
අපිට අපි ආදරෙ තරම්
කවුරුවත් දන්නේ නෑනෙ පණ
අපි අපට ලංවූ බව තරම්
පතන්නෙම හිමි වෙන්න නුඹ මට
මේ භවයේදිම හැකීනම්
අන්සතුයි කීවාට නුඹ මට
මගේ යැයි හැඟෙනා තරම්
නුඹව පපුවේ හිරකරන් මම
සිඹිමි හැම විට හැකිතරම්
සත්තමයි මම නුඹට බැඳිපෙම
කියාගන්නනට බැරි තරම්
නුඹත් එක්කම සසරෙ කෙලවර
එන්නෙමී අත් වැල් බැඳන්
හිමි අහිමි කම් කොහොම වූවත්
නුඹ වටී ජීවිතෙ තරන්
මතු උපදිනා හැම භවේදිම
අපි අපිට හිමි වන්නට පතන්
හුස්ම නවතින තුරු එකට ඉමු
පණට පණ සේ ආදරෙන්
#මැණික 19/02/2022
පතමි නුඹ හිමිවන්නසිතමි හැමදාම
නුඹෙ සතුට විතරක්ම...
විඳිමි සිනහව
නුඹෙ මුවෙ නිරන්තර මැවෙන...
සුරකිමි නිතින
ඔබෙන් ලද නිකැලැල් ආදරය...
රකිමි නුඹ හැමදාම
නිමල මැණිකක් ලෙස...
පතමි නුඹ හිමිවන්න
උපදින හැම භවයකම...
පුදමි මම දෙවියන්
යදිමි ඔබ මගෙ වන්න...

#මැණික
මටත් ඉන්නවා හොඳම යාලුවෙක් දුකක් දැනුනම, හිත හදන්න..
හිතේ තියෙන ඕන දෙයක් කියලා
හිත නිවා ගන්න...
සතුටක් දැනුනම , ඒ සතුට බෙදා ගන්න
හිතේ තියෙන හැමදේම කියන්න..
රන්ඩු වෙන්න තරහ වෙන්න විනෝද වෙන්න...
තනි නොතනියට ළඟින් ඉන්න
දුකේදි සතුටීදි එක විදිහට ඉන්න
මට ඉන්නෙ නුඹ විතරයි ඔන්න
සංසාරෙම එකට ඉන්න...
මටත් ඉන්නවා හොඳම යාලුවෙක්
ආදරේ මට දුන්න

#මැණික 28/12/2022
දිවිය ඇතිතෙක් පෙම් කරමි මං නෙත් අගේ කඳුලැලි නොරන්දා
දෙසවනේ අම බිංදු ගල්වා
හදවතේ ගී රාව නංවා
ආදරේ රස පහසෙ ගිල්වා...
මදහසක් මුව කමල ගල්වා
සෙනෙහසක් මා හදෙහි රන්දා
සුවහසක් සිහිනයන් පුබුදා
ජීවිතේ නුඹ අසල උන්නා...
හිමිද අහිමිද බව නොදැන මං
නුඹට පෙම් බැඳි තරම කෙතරම්
නුඹත් නොදන්නා බව දනිමි මං
දිවිය ඇතිතෙක් පෙම් කරමි මං...

#මැණික
නුවර වැස්සෙ තෙමෙමි යලි මං
රිදෙන තරම් හිත පෑරී
මතක නුඹ එක්ක යාවි
ජීවිතේ නොලියුණු තැන් සිහිවී
ඇතිය කඳුලැලි නෙතේ සැඟවී..
හන්තාන කඳු යාය
නුවර වැව වට රවුම
මතක පිරි මේ බිම
කෙසේ නම් අමතක කරමිද...
ඉස්සරම දවසක වාගේම
ආයෙමත් නුඹ එක්කම
නුවර වැව ගාවින්ම
යන්නට හැකිනම් දෑතෙ එල්ලිම...
අපේ මතකය වැළලිලා ඇති
ඒත් ආයෙම ඔයා එන්නැති
හීන මේ හිත පුරවලා ඇති
දන්නෙ වැව විතරයි අදත් ඇති...
දළදාවට සුදු නෙලුම් පුදලා
පැතුම් පුරමින් පහන් දල්වා
දහක් පැතුමන් හදේ පුරවා
මම අදත් දාතුන්ව පිදුවා...
නුඹ නැතත් ඇවිදින්න හෙමිහින්
හිත යලිත් පෑරුනත් මතකෙන්
අපේ පෙම හිත පුරා විඳිමින්
නුවර වැස්සෙ තෙමෙමි යලි මං...
#මැණික 20/01/2022
හුස්ම_ සිත සැනසුව නුඹේ සෙනෙහසයි...
වත රඳවපු නුඹේ හසරැල්ලයි...
ගත සනසපු නුඹේ උණුසුමයි...
හද සනසපු නුඹේ මිමිනිල්ලයි...
ගැහෙන මේ පපුවේ අවසන් සුසුමත්
වාතලයට මුසුවෙනකල්...
ඒකම සිතින් එකම හදින්
පණ පොවන්න සංසාරික ප්‍රේමයට...
ලය ගැඹුරු තැන පරිස්සමට තියලා
රකින්නෙමි නුඹව හැම ආත්මයෙම...
නුඹ තරම් දැනුන...
නුඹ තරම් හැඟුන...
සතර පදයට සිතුවිලි මැව්ව ප්‍රේමය නුඹමයි
... මා වෙනුවෙන් මැවුණ

#මැණික 17/01/2023
මගේ පණත් නුඹ හිත ඉල්ලන්නෙත් නුඹ
නෙත සොයන්නෙත් නුඹ
මඟ හැරෙන්නෙත් නුඹ
ළඟ නැත්තෙමත් නුඹ...
මම සිතන්නෙත් නුඹ
මම පතන්නෙත් නුඹ
මට දැනෙන්නෙත් නුඹ
මගෙ ලොවම නුඹ...
මට ඕනෙමත් නුඹ
මට නොලැබුනෙත් නුඹ
හිමි නැතත් නුඹ
මගේ පණත් නුඹ...

#මැණික
මැණික නුඹයි හුස්ම හිනාවෙන කොඳ කැකුලු පූදින්න බලාගෙන
පිනි වැස්ස හැලුනේම සිප ගන්න පෙති නහවාගෙන
නුඹ ඇවිත් කොහෙන්දෝ හිත මගේ හොයාගෙන
කොහොම ඉන්නද ඉතින් කියන් පෙම හංගාගෙන
හීන මල් එකින් එක ලය තුරුලෙ පුරෝගෙන
ජීවිතය ටිකෙන් ටික පිය මනිමි නුඹේ අත දරාගෙන
මේ සසර බොහො දුරක් මා එක්ක යන්නට සිතගෙන
මතු මතුත් මගෙ වෙන්න හැම භවෙම පතාගෙන
"මැණික නුඹයි හුස්ම
හැමදාමත් මම පරිස්සමෙන් රකින"

#මැණික 13/01/2023
මා තරම් නුඹ පෙම් කලා නම්
මේ අහස යට මේ පොලව මත
නුඹ ඉන්න බව දන්නවා
තුටින් නොව ඒ දුකින් බව මගේ හිත
නිතර මට කියනවා
නුඹෙ නමට මගෙ හදේ සුසුමන්
ඔහේ පා කර හරිනවා
ඒ සුසුම් නුඹෙ හදේ රිදුමන්
මකන බව මම දන්නවා...
ආදරේ මහ ගොඩක් පුරවන්
හිත තවම නුඹ සොයනවා
මගේ වෙන්නැති නුඹ නමින් මගෙ
දෑස් හැමවිට තෙමෙනවා
යලිත් එන්නැති බවත් දැන දැන
තවම මම මග බලනවා
එදා වාගෙම නුඹේ සුවඳම
මගේ තනිකම මකනවා...
කිසිමදිනයක වෙනස් වෙන්නැති
පෙමක් නුඹ ගැනතියෙනවා
හැබෑ නොවෙනා හීනයක් ගැන
යලි යලිත් මම සිතනවා
දුරින් උන්නත් නුබේ උණුහුම
මගේ සියොළඟ දවනවා
මා තරම් නුඹ පෙම් කලා නම්
අපි අපේ වී සිටිනවා...
#මැණික 13/07/2021
නුඹයි මගේ සඳනුඹයි මගේ සඳ
මගෙ සරාසඳ
මගේ සිත් අහසෙ පායා එලිය දෙන...
නුඹෙයි ඒ සිත
මගෙ සිහින පිටු මත
රෑ තුන්යම ආදරේ නිති තවරන...
නුඹෙයි ඒ නෙත
දුටුව දා සිට
දෑස අද්දර ආදරේ මගෙ උතුරවන...
නුඹයි මගෙ පැතුම
යනෙනෙ ලොවකට
මතු භවේ නුඹෙ නමින් මා ඉපදෙන...

#මැණික
දරාගන්නම්.. නුඹ මාද ....මා නුඹ ද
නොවෙනු ඇත...
නමුදූ නුඹ කෙරෙහි ප්‍රේමය උපන් තැන සිට....
අදටද කොතෙකුත් බාධා පැමිණියද
පරිස්සම් කරගෙන..
. තවමත් මම නුඹගෙම වන්නට
ප්‍රාර්ථානා කරන්නෙමි...
මන්දයත්... රිදි රිදී විඳි විඳී
ගෙවු ජීවිතය තුල
හදවතෙහි ගැඹුරටම කාවැදුණූ
හැඟුම් සිත සියුම්ව පිරිමැදපු...
එකම එකාලෝකය නුඹම පමණකි...
තවද මහද අරණට සිසිල තැවරුව
එකම සිසිලසද නුඹය...
මා අහසක් තරම් පෙම් කල
අහිමි වුවත් සදහටම
මගේ ප්‍රේමය ද නුඹමය...
ඉතින් සුපෙම්වත
නිතින් මා පුද ලද ප්‍රේමය
නුඹටම සසරක් පුරාම කැප කරමී

#මැණික 11/03/2023
බුදු වෙන්න පතාපන් අම්මාව මතු දාක
අප දෙදෙන එක්ව..තැනූ ඒ කැදැල්ලට
කිරි සිනහ වැඩි දිනේ
මගෙ මැණික නුඹ අතට
නුඹ වින්ඳ දුක් ගොන්න
ඇස් දෙකෙන් දුටුව විට
තව සෙනෙහෙ වැඩි උණා
සත්තමයි නුඹ නමට...
ළදරුවෙක් වගේ නුඹ
මගෙ තුරුලෙ නැලවෙමින්
මගෙ ලොවම හැඩ කලා
හැම නිතර සෙනෙහසින්
පොඩි දුකක් වත් දරනු බැරි
නුඹේ හදවතින් කෙලෙස
මේ දුක් ගැහැට වින්දේද නොම දනිම්...
නුඹ විඳින වේදනා
දකින විට ඇස් දෙකෙන්
සිහි වුනා දහස්වර
මගෙ මවුන් සෙනෙහසින්
මැණික නුඹ හඬන විට
මගේ ඇස් ඉස්සරින්
මම එතන මැරි මැරී
ඉපදුනා රත්තරන්...
ලොව උතුම් පිය පදවි
මට ලබා දුන් නමට
හිස නමා වඳින්නට
හිතේ මට මගෙ මැණික
මට නැතත් පුතේ නුඹ
සලකපන් අම්මාට
බුදු වෙන්න පතාපන් අම්මාව මතු දාක...!!!
#මැණික 23/01/2022
මට තවම ආදරේ වෙන්නැති
ළඟනැතිව දුරින් ඉන්නකොට
නොකිව්වත් නුඹට
පාලු දැනෙනව ඇති...
මගෙ උණුහුම නොමැතිව
රැය පහන් කරනකොට
නුඹට අඩුව දැනෙනව ඇති...
කේනිතියට බැන්නට
රණ්ඩු කළාට
මතක් වෙනකොට නුඹට
දුක හිතෙනව ඇති...
හැර යද්දි නුඹෙ හිතට
අගුලු දැම්මට
මට තවම ආදරේ වෙන්නැති....
#මැණික 24/06/2021
වඩිනු මැන හිමියනි යලිත්
බුදුනි දෙනු මැන අවසර
නමදින්න ඔබ දෙපා යුග...
සිහිකර ඔබ කළ මෙහෙය ලොවට
දොහොත් මුදුන් දී නැමද...
උතුම් දහමින් එකලු කර ලොව
පහදා සතහට නිවනට මග...
දෙසූ ඒ සුමිහිරි දහම...
සිහි කරමි උතුම් වෙසක් පොහෝ දින...
රුදුරු මිනිස් සිත...
කුරිරු වූ ලෝ තලය...
මුදවාලන්ට රෝග සතුරු බිය...
වඩිනු මැන හිමියනි යලිත්...
මෙතේ බුදුන් වී...
ලොව එකලු කරන්නට...
#මැණික
සොරා ගති ලය මඩල
සිහින් වැහි බිඳු
නුඹේ ගත වැදි
ආදරෙන් නුඹ වෙලා ගද්දී....
නුඹේ කෙහෙරැලි
තෙත් කරන් නුඹ
වටකරන් හාදුවක් දෙද්දී....
සිසිල් වැහිදිය
නුඹේ දෙතොලත
නොනැවතී රූරා වැටෙද්දී....
මටත් හිතුනා
වැස්ස වෙන්නට
නුඹ මගේ ළඟ දැවටි ඉද්දී....
#මැණික
බැරිම තැනදී නුඹව අතැර ආවෙමි බැරිම තැනදී නුඹව අතැර ආවෙමි....
එහෙත් ඒ නුඹට අදරය
නොමැති නිසා නොවන බව
මා සේම නුඹද දන්නා බව දනිමි..
නුඹ මගේ පණ ය..මගේ හුස්මය..
නුඹ නොමැතිව ජීවත් වීමද අපහසුය...
නුඹව හැරදා පැමිණියේ
හදවතට එකඟව නොවන වග
මම සේම නුඹද දන්නා බව දනිමි....
අත් හැරීම විටක ,විඳවීමට වඩා
සැහැල්ලුවක් හදවතට එක් කරනු ඇත.
එම සැහැල්ලුව සැනසීම
මට සේම නුඹටද අවැසි බැව්
දැනුන නිසාවෙන් අත් හැරීම ,
වේදනාවට වඩා සැපයක් යැයි සිතමි.
සියලු බැමි අත්හල පසු
නුඹ දැන් නිදහස් ය
මමද සියල්ලෙන්ම නිදොස්ව නිදහස් වීමි.
නුඹට මා හැර යාමට අවසර දී හමාරය !
ළඟ නොහිටියද හිමි කමක් කීමට නොහැකි වුවද...
සැමදා නුඹට මම බොහෝ සේ ආදරය කරමි
පෙර කිසිදිනක කිසිවෙකුට නොකල තරමින්ද
මතුවටත් කිසිවෙකුට කල නොහැකි තරමින් ම
ආදරය කරමි....
අවසන මෙසේ සටහන් තබනු කැමැත්තෙමි....
"බොහෝ තැන් තිබුණත් නුඹ නිසා රිදෙන කිසි දෙයක් නෑ මට නුඹ තරම් වටින"

#මැණික 03/09/2023
පුලුවන් නම් තව එකම එක පාරක් ඇවිත් යන්න
සමහර රාත්‍රින් තිබෙනව නින්ද ගොඩාක්ම දුර
අදත් එවැනි රාත්‍රියක්
මට ඕනෙ නිදිමත ඇවිත් දෑස් අද්දර කොනිත්තනකන්
උඹ ගැන හිත හිත ඉන්න..
අපේ අතීතය මතක් වෙද්දි මටත් නොදැනිම
දෑස් කොනෙන් රූරා වැටෙන කඳුලට
ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙන්න.
ඒ කඳුලෙන් කොට්ටය තෙමෙන්න..
මම ආසයි එහෙම වෙනවට
ඒ සීතල මට දැනෙද්දි අපේ ගෙවුණු සුන්දර දවස්
ආයෙ ආයෙමත් මතක් වෙනවා.
මට එතකොට පුලුවන් අයෙ ආයෙමත්
ඒ මතක වල ගිලි ගිලී මැරෙන්න
මම කාලයකට කලින් හදවතින් මැරිච්ච එකෙක්...
ඒක දුකක්…ඔව් දරාගන්න අමාරු දුකක්…
පපු කුහර කඩාගෙන යන දුකක්.
ඒත් මට ඕනෙ එහෙම හරි උඹ එක්ක ඉන්න.
ඒ ගැටුණු හුස්ම , විඳපු සුවඳ විඳින්න.
ජීවිතය හරි පාලුයි .මට කාන්සියි.තනියි.වේදනයි.
උඹටත් ඒ හැම දෙයක්ම නොඅඩුව දැනෙනවා..
හැඟෙනවා..විඳිනවා..විඳවනවා කියල මම දන්නවා.
ඒ හැම මතකයක්ම හිත් කොනේ තියෙන නිසා
උඹ වෙනුවෙන් අදටත්
එදා වගේම කවි ඉපදෙනවා...
ඒ කවි ඔගේ කුරුටු ගාන්න....
ආයි ආයිත් කියවන්න මම ආසයි
මට ඕනෙ උඹව තව එකම එක පාරක් දකින්න
උඹව සිත් සේ එක් වරක් විඳින්න.
අපේ මතක වල උඹත් එක්ක ඇවිදින්න.
උඹට පුලුවන් ද ආයිමත් ඇවිත් යන්න..
අපි ඒ මතක වල ඇවිදිමු
මහන්සි දැනෙනකන් ඇවිදමු
ඒ මතකවල දුක සතුට නොඅඩු තියේවි..
දුක හිතෙන මතක තිබ්බොත්
මට ඒව ඉතිරි කරල
සතුටු මතක ටික විතරක්
උඹට ගෙනියන්න පුලුවන් වේවි..
පුලුවන් නම් තව එකම එක පාරක්
ඇවිත් යන්න
#මැණික 19/07/2022
ප්‍රේමයෙන් වෙන්වී අවාරයේ දිනකවත් නැවත මුණ නොගැසෙමු... නුඹට මතක ඇති කාලයක්
මම නුඹ මත්තෙම නැහුණා...
නුඹෙන් තොර කිසිම දෙයක්
මට නොතිබුණු කාලයක් තිබුණා...
හැම මොහොතකම මට ඕන වුණේ
නුඹත් එක්ක ඉන්න...
නුඹ එක්කම කාළය ගත කරන්න...
ඒ නිසාම කොල් එකක් දෙන්න පරක්කු වෙද්දිත්...
මැසේජ් එකකට රිප්ලයි එවන්න පරක්කු වෙද්දිත්...
මම රණ්ඩු කරා....
කාළය මෙහෙම ගෙවී ගියා.....
ඒත් , මම ඉස්සරට වඩා
වෙනස් කියලා නුඹටත් හිතෙනව....
දැනෙනව ඇති නේද.....
දැන් කෝල් එකක් දෙන්න පරක්කු වුනත්
මැසේජ් එකක් එව්වෙ නෑ කියලාවත්...
ඉස්සර වගේ රන්ඩු වෙන්නනෙ නෑ...
ඒ ගැන ගාණක් නැහැ...
සමහර දේවල් එක දිගටම වෙද්දි මිනිස්සු ඒ දේට හුරු වෙනවා
විඳවන එකෙත් අවසානයක් විදිහට
අන්තිමට හිත හදාගන්වා...
මමත් එහෙමයි....
ඉදින් සුපෙම්වත පවසන්න......
"මෙය අපගෙ ප්‍රේමයේ අවසන් කාර්තුව නොවේද ....?"
____________ "දහස් ගණන් මතක අතරෙ සතුටුම ටික නුඹ රැගෙන යන්න දුකම ටික මට තියලා යන්න ...."

#මැණික 28/09/2023
මගේ හිත නිවන හීනය නුඹ...මගේ හිත නිවන හීනය
හුස්මෙන් පණ දිදී දරාගෙන ඉන්න හීනය…
නුඹ...තනුව නැති පද වැලක ලස්සනම පද පේළිය
මට අහිමි ගීයක ලස්සනම පද පේළිය…
නුඹ...පපු ගැඹුරෙ හංගාගෙන රකින මගෙ ප්‍රේමය
කිසිදිනක නොමියන සදාතනික ප්‍රේමය...
නුඹ...හුස්ම පොද මෙන් රකින දයාබර ප්‍රාණය
කිසිදිනක මගෙ ලොවට අයිති නැති ප්‍රාණය..

#මැණික 31/01/2022
එන්නෙමි නුඹේ වෙන්නට මතු සසරෙම
රිදුම් දෙන මතකයන් අස්සෙ
තනිව වැළපෙනා මොහොතක
නුඹේ රුව මා මවාගත්තෙමි
හදේ ගැඹුරුම කොනක
එදා නුඹ මගෙවෙලා උන් හැටි
මතක් වී නොදැනිම
දෙනෙත් බොඳවී වැටෙන කඳුලට
ඉඩක් දෙමි මම රහසෙම
නුඹේ උරහේ හිස හොවාගෙන
දෙඅත දැඟිලි පටලවාගෙන
සිහි උනා නුඹ ළඟින් උන් හැටි
තුරුලු වී එක වරුවක අපිට අපි
හරි ආදරෙන් හිටි හැටි මතක් වී
එදවස සුසුම් පිටවුණි මටත් නොදැනිම
රිදුම් දී මගෙ හදවත දකින්නට
මට යළිත් නුඹ නෙත් පින් නැතත්
එක මොහොතක නුඹ තුටින් ඉන්නා බවම
ඇති මගේ මේ හිතෙ සැනසුමට
මේ භවේ මට නුඹේ වෙන්නට
පින් නැතත් අනේ උරුමව
නිවන් දකිනා ජාති
එන්නෙමි නුඹේ වෙන්නට මතු සසරෙම..
#මැණික 03/09/2021
නුඹ පැමිණ මගෙ ලොවම වීලා... කඳුලු කැට නෙත් අගින් පිසාලා
සුසුම් රැලි හිත් අගින් මකාලා
සිනහරැලි මුවගින් මවාලා
නුඹ පැමිණ මගෙ ලොවම වීලා...
විඳි දුකත් සිතින් ගොස් මැකීලා
සෝ සුසුම් කෝ කොහි ගිහිල්ලා
නෙත් කදුලු හෙමි හෙමින් සිදීලා
සිනා කැන් මගෙ මුවේ මැවීලා...
කෙනෙක් වේනම් සිනා නගනට
මා නෙතේ කඳුලැලි පිසින්නට
සෝ සුසුම් පා කර හරින්නට
නුඹම පමණක් වේය මාසඳ...

#මැණික
සිහිනයක දැවටිලා සිහිනයක දැවටිලා
එන්න ඔබ සැඟවිලා
හාදු වැස්සක් වෙලා
නොනිදි නෙතෙ රැඳවිලා....
නෙතුපියන් හැරබලා
නුඹේ රුව සිත්තම් කලා
මදනලක් ලෙස ගලා
ගත පුරා දැවටිලා....
නුඹෙ සුවඳ විහිදිලා
සිතම මගෙ මත් කලා
හැබැහින්ම පැමිණිලා
ඉන්න මාගෙම වෙලා....

#මැණික 26/06/2021
ආදරෙන් එකවරක් නුඹ බදා සිඹගන්න...
ගිම්හානය වී එන්න
වසන්තයෙ සුවඳ දෙන
කුසුමක්ව පිබිදෙන්න
මදනලක් වී එන්න
ජීවිතේ පුරාවට
නුඹෙ සුවද විඳගන්න
හාදු වැස්සක් වී එන්න
රිදෙන තරමට ඔබේ
දෙතොල් පෙති සිපගන්න
සිහිනයක් වී එන්න
නොනිදි නෙතුපියන් අතර
නුඹේ රුව ඇඳගන්න...
සුසුමක්ව ළඟ ඉන්න
ගැහෙන මේ හදවතේ
රිදිමයට ලංවෙන්න
මා ළඟින් වැතිරෙන්න
ඔබේ ඔය උණුහුමේ
බිඳක් සැඟවී ඉන්න
ලොවට රහසින් පවසන්න
ජීවිතේ පුරාවට
නුඹ මගේ යැයි කියන්න
හැබහින් දිනක පැමිණෙන්න
ආදරෙන් එකවරක්
නුඹ බදා සිඹගන්න...
#මැණික 15/08/2021
අපි හිමිවන්නේ නෑනේ අපිට සිතන හැම සිතුවිල්ලෙම
පතන හැම පැතුමෙම
නුඹ රැදී උන්නට...
දිවා රැයේ මගේ හද
තුල නුඹේ රුව
මැවි මැවි තිබුනට...
ගෙවෙන හැම නිමේෂයේ
නුඹේ සුවද
මට දැනුනට...
නුඹේ පිවිතුරු ආදරයෙන්
මගේ හිත
පිරිලා තිබුනට...
නුඹෙන් තොර ලොවක් මට
නොතිබුනාට....
අපි ගැන මහ ගොඩක් හීන මැව්වට...
හිතන්න රත්තරනේ අපි
හිමිවන්නේ නෑනේ අපිට....

#මැණික
නුඹවත් දන්නෙ නැති තරම්
මට නුඹව වටින තරම්
නුඹ නැතිව ඉන්න බැරි තරම්
නුඹවත් දන්නෙ නැති තරම්...
නුඹ නොමැති පාලුව තරම්
මා දවන කිසිවක් නොමැති තරම්
නුඹවත් දන්නෙ නැති තරම්...
නුඹ මගේ ජීවිතේ කරන්
මා ජීවත් වන තරම්
නුඹවත් දන්නෙ නැති තරම්...
නුඹේ එක වදනක්
මා ආත්මයම සුවපත් කරන තරම්
නුඹවත් දන්නෙ නැති තරම්...
නුඹ මගේ පණ මෙන්ම
මට වටින බව තරම්
නුඹවත් දන්නෙ නැති තරම්...
නුඹ නොමැති ලොවක මට
ජීවයක් නොමැති තරම්
නුඹවත් දන්නෙ නැති තරම්...
#මැණික
උඹව නැති කරගන්නැ මං හීනෙකින්වත් උඹ එක්ක ගෙවුන දවස්
ආයෙත් එනව නම්
නවතින්නැතුව කියවපු ඒ කටහඩ
තව එක පාරක් ඇහෙනව නම්
එකම එක පාරක්
පපුවට තුරුල් කරගන්නව නම්
උඹව මගෙන් ඈත් කරපු
ඒ දවසට ආයෙත්
යන්න පුලුවන් නම්
උඹව නැති කරගන්නැ
මං හීනෙකින්වත් !

#මැණික 19/04/2022
ඉන්න මාගෙම වෙලා. සිහිනයක දැවටිලා
එන්න ඔබ සැඟවිලා
හාදු වැස්සක් වෙලා
නොනිදි නෙතෙ රැඳවිලා....
නෙතුපියන් හැරබලා
නුඹේ රුව සිත්තම් කලා
මදනලක් ලෙස ගලා
ගත පුරා දැවටිලා....
නුඹෙ සුවඳ විහිදිලා
සිතම මගෙ මත් කලා
හැබැහින්ම පැමිණිලා
ඉන්න මාගෙම වෙලා....

#මැණික 26/06/2021
බැඳුන තැන් වල රිදීම් වැඩියි
නුඹ දන්නෙ නැතුව ඇති
නුඹේ පුංචි වෙනස් වීමක්,
පුංචි අඩුවක් මගෙ හිත
කොච්චරක් නම් රිදවනවද කියලා.
ඒක වචනයෙන් මෙච්චරක් කියල
ප්‍රමාණයක් කියන්න මට තේරුමක් නෑ
ඒත් ඒක ලොකු දුකක්
කියන්න විතරයි මම දන්නෙ...
ඇත්තටම රිදුනා සමහරවෙලාවට...
ඔව් නුඹට නොතේරුන නුඹට නොහැඟුණ
සමහරක් දේවල් නිසාම...
දැනුන තැන් වල බැඳීම් වැඩියි...
බැඳුන තැන් වල රිදීම් වැඩියි...
ඒ නිසාමයි ගොඩක් අය බැඳීම් හදාගන්න බය
බැඳීම් හදාගන්න වෙහෙසෙන තරමටම..
බැඳීම් රකින්නත් වෙහෙසුනානම්..
හැඟීම් වලට වටිනාකමක් දීලා.
රිදීම් නොදී බැඳීම් රැක්කා නම්…
අපේ ජීවිත කොච්චර සුන්දර වෙයිද..
#මැණික 24/07/2022
නුඹ පැමිණි මගෙ ලොවම වීලා. කඳුලු කැට නෙත් අගින් පිසාලා
සුසුම් රැලි හිත් අගින් මකාලා
සිනහරැලි මුව අගින් මවාලා
නුඹ පැමිණි මගෙ ලොවම වීලා...
විඳි දුකත් සිතින් ගොස් මැකීලා
සෝසුසුම් කෝ කොහිද ගිහිල්ලා
නෙත් කදුලු හෙමි හෙමින් සිදීලා
සිනා කැන් මගෙ මුවේ මැවීලා...
කෙනෙක් වේනම් සිනා නගනට
මා නෙතේ කඳුලැලි පිසින්නට
සෝ සුසුම් පා කර හරින්නට
නුඹම පමණක් වේය මාසඳ...

#මැණික
බැරි ඇයි නුඹෙන් නොඅසමි මා හදන්නට
වැදුවා මුත් නුඹ මා කුස තුලෙහි හොවා
හදනට නොහැක මා රට්ටුන්ගෙන් සඟවා
කරනට කිසිත් නැති කල සිහියට නංවා
විසිකර දමා නුඹ යන්නට ගියා අම්මා...
පෙර එක් දිනක් නුඹ පෙම් කල බව සත්තයි
මා එහි ඵලය ලෙස වැඩුනා බව ඇත්තයි
මා ඔය කුසට ආ දා වැලපුන බව සත්තයි
ඒ දා ඉඳන් නුඹ තනිවුන බව නම් තිත්තයි...
අම්මප මුන්ට තියෙනා අමාරුවෙ තරම
ළමයි වදා තැන තැන දමනා අරුම
සිත් පිත් නැද්ද මේ ගෑනිට යැයි කරුම
මිනිසුන් බනින බව ඇහුනා නිරතුරුම...
අම්මේ නුඹට හැකි නම් මා වදන්නට
බැරි ඇයි නුඹෙන් නොඅසමි මා හදන්නට
නුඹෙ උණුහුමේ හොවාගෙන මා රකින්නට
බෑ ඒ නිසයි නුඹ මා දමලා ගියෙ යන්ට...
එරෙනා කිරට දුක හිතුනේ නැතිදෝ අම්මේ
මගෙ කුස ගින්නෙ දැනුනේ නැති දෝ අම්මේ
හැරදා දුවන විට මා මෙහි හැරදා අම්මේ
නුඹෙ හිත කෙලෙස වාවා ගත්තෙද අම්මේ...
(අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශිෂ්ටතම සංකේතය දරුවන් යැයි කීවොත් කිසිවෙක් ඊට එරෙහි නොවනු ඇත. එහෙත් සමාජයේ අත්දැකීම්වලින් පරිණත වූවන් යැයි සැලකෙන, ජීවිතයේ මුහුකුරත්වයට පත්වෙමින් සිටින වැඩිහිටියන් විසින් ඒ සුන්දරත්වයේ සංකේතය කිලිටි කරන්නේ නම් එය කෙතරම් නරුම කමක් වනු ඇතිද? )
#මැණික 08/01/2022
ආයෙමත් අලුතින් වහින්න වැස්ස...ටිකක් නවතින්න
මේ අහන්න... නුඹට පුලුවන්ද
ආයෙමත් අලුතින් වහින්න...
ඉස්සරම දවසක...
නුඹෙ පහස සිසිල ව්ඳිමින්....
කුඩය යට දෑත් පටළා
එකෙනෙකා වෙලෙමින් ඇවිද ගිය
මාවතේ නැවත පිය මනින්න...
කෙහෙරැල්ල තෙමා විත්
දෙතොලතට වැටෙන නුඹෙ පහස විඳින්න...
නුඹෙන් සීතල වුනු දොකොපුල්
ඔහුගෙ දෙතොලතින් උණුසුම්වන ඒ පහස විඳින්න...
ආසයි ආයෙමත් ඉස්සර....වගේම...
ඉතින්... නුඹට පුලුවන්ද වැස්ස
ආයෙමත් අලුතින් වහින්න....

#මැණික 23/08/2021
මම බිසී උනේම නුඹ එක්ක
ඇත්තටම මම බිසී උනේම නුඹ එක්ක
නුඹව නෙත ගැටුන දවසේ පටන්ම
මගෙ හිතත් බිසී නුඹ එක්ක
හිතන්නෙම නුඹ ගැන
ගතවන හැම මොහොතෙම
මතකයට එන්නෙත් නුඹ...
නුඹ කිව්ව වගේම ආදරය කියන්නෙම පිස්සුවක්
පිස්සුවෙන් වගේ නුඹ
මගේ හිත අස්සටම ඇවිත් මාව පිස්සු වට්ටනවා...
නුඹ මගේ හිතට ආව දවසෙ ඉඳන්ම
නින්දත් මාව දාල ගිහින්...
නිදිවරන දෑස් වලට නුඹ ඇවිත්
මමත් නොඳැනිම..
ඉස්සර ගෙවා දමන්න අමාරු දිගම රැයවල්...
මම හරි පහසුවෙන් ගෙවා දමනවා...
නිදි නැතිවම නුඹ එක්ක...
නිමාවක් නැති නුඹේ හිනාව...කතාව...
ඉස්සරම දවසක ගලපු කඳුලු ඈතටම ගෙනිහින්...
නුඹ කිව්ව වගේම මගෙ හිත
නිමෙන්නෙත් සැනසෙන්නෙත් නුඹ ලඟම විතරයි...
දැවුනු සිත නිවන ඔසුවක් වගේ නුඹ...
සීතලම සීතල දිය පොදක් වගේ නුඹ...
පිච්චෙන දැවෙන හැම තැනම නිවන්නෙත් නුඹ ...
මම උඹට ගොඩක් ආදරෙයි හැම මොහොතම කියනව වගේ...
හැමදාම මම නුඹට ආදරෙයි...
ඉස්සරම දවසක කලා වගේ අදත් මම නුඹට ආදරෙයි...
හැමදාමත් ආදරෙයි...
සත්තකින්ම නුඹයි මගේ ආදරය....
#මැණික 28/07/2021
මම නුඹට බොහෝ සේ ආදරය කරමි
ආදරෙ කියලා හිත පිළිගන්නට නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද?..."
මම බොරුවට රන්ඩු වෙන්න හේතු හොයද්දි...
ඔයා රන්ඩු වෙන්න හේතු හොයන්නෙ ඇයි කියලා අහද්දි....
මට දුකයි බොරුවට වත් රන්ඩු කරන්න
"අහන්නකො ඇයි හැම තිස්සෙම රන්ඩුවකට හේතු හොයන්නෙ ඔයා?
“බෝරින් නැද්ද ඔහේ චැට් කරද්දි....
කොක්කක් දාගන්න ඉඩක් දෙන්නකො....
අඩුම සතියකට එකක් වත්
"එපා එහෙම වෙන්න
මම ආස නෑ ඔයා ඔහොම වෙනවට....
රන්ඩු වෙන්න හේතු හොයන්න එපා හැමවෙලේම..
වසන්තයත් නොදැනීම ඇවිත්....
කටුක කාර්තු ගෙවා අවසන දැනෙන
අසීමිත සැහැල්ලුව වචනයෙන් කියන්නට බැරි තරම්ය
අවාරයේ පිපෙන මල් සුවඳවත් කියලා
මම තේරුම් ගත්තෙ නුඹේ ආගමනයෙනි....
ඇත්තමයි... ජීවිතෙ බොහෝ
කටුක කාර්තූන් ගෙවා දැමූ පසුවද
තවත් සුන්දර කාර්තූන්
ඒවිදෝ දැයි සැක සිතුනද..
අවාරයේ ආ නුඹට මම බොහෝ සේ ආදරය කරමි !
ඉතින් නුඹ එක්ක තව බොහෝ කාර්තූන් ගෙවා දමන්නට මට අවැසිය.
දුක කඳුල සතුට සිනහව
මේ අතරෙ දෝලනය වෙන ජීවතය..
දුවන්නෙ ආදරය විශ්වාසය යන පදනම මත.
මමත් නුඹත් එය මනාසේ තේරුම් ගෙන ඇති බැව් ද දනිමි.
මතුවට ද දැනෙන හැඟීම් සියල්ල බෙදාගන්නටත්.
අද වගේම හෙටත් මේ හැමදේටම
මට ඉන්නෙ නුඹම පමණකි.
අවාරයේ පිපි කුසුම නුඹ..
"මම නුඹට බොහෝ සේ ආදරය කරමි"
#මැණික 16/03/2025